ප්‍රසිද්ධ ජෞතිෂ්‍යවේදියකු වන ඉන්දික තොටවත්ත මහතාට එරෙහිව නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (2) පැමිණිල්ලක් කර තිබේ.
ඒ තොටවත්ත මහතා විසින් සිය youtube චැනලය ඔස්සේ භික්ෂූන් වහන්සේලාට එරෙහිව කරන ලදැයි කියන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙනි.
ස්ථවිරවාදී ස්වාමීන්වහන්සේලාගේ උපදෙස් පරිදී මෙම පැමිණිල්ල කළ බව නීතිඥවරයා පවසයි.
ඉන්දික තොටවත්ත මහතා භික්ෂූන්වහන්සේලාට ඉතා පහත් වචනයෙන් හා පහත් ස්වරයෙන් කතා කරමින් අපහාස කරන බව පැමිණිල්ල මගින් දන්වා තිබේ.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ප්‍රකාශ කිරීම (291 අ වගන්තිය) අපරාධයකි. 2007 අංක 57 දරන අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය (ICCPR) සම්බන්ධ පනත යටතේ, වෙනස් කොට සැලකීමට, එදිරිවාදීභාවයට,හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ජාතික, වාර්ගික, හෝ ආගමික වෛරය පැතිරවීමට කටයුතු කිරීම ද අපරාධයකි.
මේ අනුව ඉන්දික තොටවත්ත නැමැත්තාට වහා නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.