බුදු දහමට, ඉස්ලාම් ආගමට හා හින්දු ආගමට එරෙහිව වෛරී ප්‍රකාශ කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතියාගේ බිරි සහ දරුවන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග පැවසුවේ පසුගිය සිකුරාදා (02) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ජෙරොම් ප්‍රනාන්දු දේවගැතියාගේ බිරිඳ සහ දරුවන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-468 දරණ ගුවන් යානයෙන් පැමිණි ලංකාවට පැමිණි බවයි.
පාස්ටර් ජෙරොම්ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට පෙර සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති වාර්තා විය.
ජෙරොම් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔහු නොමැතිව ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.







