සූරියවැව නුවන් ජයසේකර –
කතරගම පුදබිමට පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් ඊයේ (15) දින සවස කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමි පානන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීම සිදු කෙරුණි.
අනතුරුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇතුළු පිරිස කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වැද ආශිර්වාද ලබා ගැනිමෙන් පසු රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර හමුව තිබේ.
එහිදි මහරගම පිළිකා රෝහල වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්ද සිදුකළ ඇය කතරගම මහ දේවාලය වැදපුදා ගැනිමටද එක්විය.







