ජූලි 1 වන දා සිට විදුලි බිල පහළ දැමීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
අමාත්‍යවරයා කීවේ මෙම සංශෝධනයේ දී ගෘහස්ථ කාණ්ඩවලට වැඩි සහනයක් ලබා දීමට තීරණය කළ බවය.
ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (ජූනි 7) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙනු ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
ඒ අනුව, ඒකක 0-30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ද ඒකක 30-60 දක්වා ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා ද ඒකක 60-90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද ඒකක 90-120 දක්වා රුපියල් 50 සිට 30 දක්වා පහළ දැමීමට යෝජනා කර තිබේ.
“හෙට මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩුකිරීමේ යෝජනාව දෙනවා. මාස හතරෙන් හතරට යෝජනාව දෙන්න අපි කැබිනට්ටුවෙන් සම්මත කරගත් ආකාරයක් තියෙනවා. ඒ යෝජනාව ලංවිම කොමිසමට යවාවි. ජූලි 1 සිට මිල අඩු කිරීමට රජය ප්‍රතිපත්තියක් ගත්තා ගෘහස්ථ කාණ්ඩවලට වැඩි සහනයක් දෙන්න.” ඇමතිවරයා කීවේය.







