දිනසේන රතුගමගේ
මුලින් එකගතාවයකට පැමිණි පරිදි ජූලි මස 1 දා සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් ආරම්හ කිරීමට නොහැකි වීම කෙරෙහි හේතූන් කීපයක්ම බලපා ඇතත් වහාම එම ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා පවසයි.
ඉන්දීයාවට මේ දිනවල මුහුණ පෑමට සිදුව ඇති ඉන්ධන අර්බූදයත්, ගුවන් ගමන් සඳහා ප්‍රමාණවත් ගාස්තුවක් අය කර ගැනීමට නොහැකිව තිබීමත් මුදල් පරිවර්ථනයේදී සිදු වන පාඩුවත් නිසා ඉන්දියාව කළින් සාකච්ඡා කරගත් පරිදි ජූලි මස 1 දා යාපනයට ගුවන් ගමන් මෙහෙයැවීමෙන් වැළකී සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
යාපනය හා ඉන්දියාව අතර බෝට්ටු හා නැව් සේවාවක් ආරම්භ කිරීමට දෙරටේම අනුමැතිය ලැබී ඇතත් ඊට බලපා ඇත්තේද ගුවන් ගමන් සදහා වූ ප්‍රශ්න කීපයම බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ඊට එක් විකල්පයක් වශයෙන් සතියකට එක් වතාවක් හෝ ගුවන් සේවාවන් හා නැව් සේවාවන් ආරම්භ කිරීමට උත්සහ කරන බවද කියා සිටියේය.









