අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

කෙත්තාරාම පන්සලේ අධ්‍යාපනය ලබන පාසල් මගහැරුණු අසරණ දරුවන් 43ක් පෝෂණය කළෙත් කටාර් පුණ්‍යායතන අරමුදලින්....

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට ගිය බලශක්ති ඇමති කාංචන විජේසේකරට සාද කතා පමණක් සහිතව රටට එන්නට සිදු වූයේ පසුගිය වකවානු තුළ මුස්ලිම් ලෝකයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ අපකීර්තිමත් හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ලංකාසරට පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්

සෞදි රජතුමා මූලිකත්වය දරන  මුස්ලිම් ලෝකයේ ප්‍රබලම සංවිධානයවන  OIC (  Organisation of Islamic Cooperation) සංවිධානය විසින්  ලෝක සෞඛ්‍ය සංවිධානය අනුදකිමින්  පසුගිය කොවිඩ් වසංගත සමයේ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ දේහයන්  ආදාහනය නොකර භූමදානය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කළ මානුෂික ඉල්ලීම  තඹයකට  ලෙ  නොසලකා හැර ඊට ලිපියකින්වත් ප්‍රතිචාර නොදැක්වූ මේ උද්දච්ඡ ජනාධිපතිවරයාට අරාබි රටවල් උපකාර කරනු ඇතැයි සිහිනයකින් හෝ සිතිය හැකි දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

කෙත්තාරම පන්සලේ අධ්‍යාපනය හැදෑරූ පාසල් මගහැරුණු දරුවන් පෝෂණය කිරීමේ   සිට වාර්ගික භේදයකින් තොරව අනාථ දරුවන් වෙනුවෙන් උපකාර කිරීම සදහා කැපවුන කටාරයේ  රජතුමාගේ අරමුදලක් වන  කටාර් පුණ්‍යායතන අරමුදල  සාධනීය හේතුවකින් තොරව  ත්‍රස්තවාදී අරමුදලක් ලෙස නම් කර තහනම් කළ අපහාසයම මොනතරම් ප්‍රබලදැයි විමසූ මන්ත්‍රීවරයා කටාරයට ආධාර ඉල්ලන්න  රෙදි ඇඳගෙන නම්  මේ ආණ්ඩුවට යා නොහැකි බව පෙන්වා දුන්නේය.

අවසානයේ දී ත්‍රස්තවාදී අරමුදලක් ලෙස තහනම් කළ කටාර් චැරිටි අරමුදල එසේ නොවන බව පෙන්වා කටාරයේ සිට තහනම  ඉවත් කිරීම ප්‍රකාශයට පත් කිරීමට කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයාට සිදුවීම රටක් ලෙස අප පසුකල දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ දුගී කම පෙන්වා දෙන බව ද මන්ත්‍රීවයා කීවේය.

“ ගෝඨාභය රාජපක්ෂ ගෙ පාලනය ගැන කටාරය විතරක් නොවෙයි, කිසිම  අරාබි රටක් පැහැදීමක් නෑ.   සෞදි ආරාබියේ ගොඩාක් සංවිධාන මේ රටේ  වැඩ කළා. ඒ වැඩ සියල්ලම නතර කළා  මේ ආණ්ඩුවෙ මුග්ධ හැසිරීමත් එක්ක. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞදි අරාබියෙන් 2019 වනවිට ලැබුණු මේ ආණ්ඩුව නැති කරගත් ආධාර ප්‍රමාණය…

“ලෝකයේ ඉස්ලාමීය රටවල්වල සංවිධානයක්  තියනවා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය.    ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් ඒ සංවිධානය තුළ ඉන්නවා. ඒ සංවිධානයේ ලේකම් වරයා සෞදි රජ පවුලෙ සාමාජිකයෙක්.   ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියන කොවිඩ් භූමදාන ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න කියලා ඔවුන් කාරුණික ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කළා.  සාකච්ඡාවකට හෝ නොගොස්  ඔහු එය විසි කරලා දැම්මා.“

“ කටාර් චැරිටි එක කියන්නෙ කටාර් රජතුමාගෙ  අරමුදල.  එක තමයි  මේ අය බෑන් කළේ.       ඒ ෆන්ඩ් එක සීස් කළා.  මිලියන 300ක් සල්ලි එහි  තිබුණා. ඒ සල්ලි රාජසන්තක කළා.  සරත් වීරසේකර කිව්වා මේ ෆන්ඩ් එක ත්‍රස්තවාදීන්ට උදව් කරනවා කියල සාක්ෂි තියනවා කිව්වා. එහෙම ත්‍රස්තවාදී  සංවිධානයකට ආධාර දෙන  අරමුදලෙ තහනම ඇයි එක්වරම ඉවත් කළේ. එහෙම කරන්න පුලුවන් ද රටේ නීතිය අනුව. මොනව ද මේ වැඩ…. අපි ලෝකයට විහිළු සපයන ජාතියක් ද?“

කටාර් චැරිටි එකට මසෙකට ලක්ෂ දෙකක් ඩොලර් ආවා. මේ රටේ ළමයින්ගෙ සුබ සාධන වැඩවලට. ඒක නැවතුනා. කටාර් චැරිටි ෆන්ඩ් තියන්නෙ ලෝකයේ රටවල් හතක විතරයි. අපේ රටේ පටන් ගත්තේ 2017. ඕපන් කළේ සජිත් ප්‍රේමදාස.  ඒකෙ ප්‍රතිලාභ ලැබුනේ   පොඩි ළමයින්ට.  අනාථ කඳවුරු වල ඉන්න පොඩි ළමයින්ට. වාර්ගික භේදයක් තිබුණෙ නැ ඒ අරමුදලෙ සමාජ කටයුතුවලට.  කෙත්තාරාම පන්සලේ ඉස්කෝලෙ ගිය නැති අම්මා තාත්තා නැතිව වැඩුණු ළමයින් වෙනුවෙන් පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනයෙ දි ඒ දරුවො පෝෂණය කළෙත් කටාර් චැරිටි ෆන්ඩ් එක. ඒ සියල්ල ඉවරයි.

අන්තිම නින්දිත අපහාස ඒ රටවල් වලට කරලා, ජාත්‍යාන්තරව ප්‍රතිරූපයට ඉතා විශාල හානියක් කරලා දැන්   ලජ්ජා නැතිව තෙල් ඉල්ලන්න යනවා.

තෙල් තියා වතුරවත්  දෙන්නෙ නෑ  මෙහෙම මිනිස්සුන්ට.

මන්ත්‍රීවරයා දීරඝ පැහැදිලිකිරිම නිම කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි 01දා ඇරඹීමට නියමිතව තිබූ ඉන්දියා – යාපනය ගුවන් ගමන් නැවතුන හේතුව දේවානන්දා කියයි….

Next Post

බෙම්මුලේ දී  පොලිස් වෙඩි පහරින් පාතාල සැකකරුවෙක් මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.