ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට ගිය බලශක්ති ඇමති කාංචන විජේසේකරට සාද කතා පමණක් සහිතව රටට එන්නට සිදු වූයේ පසුගිය වකවානු තුළ මුස්ලිම් ලෝකයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ අපකීර්තිමත් හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ලංකාසරට පැවසීය.
සෞදි රජතුමා මූලිකත්වය දරන මුස්ලිම් ලෝකයේ ප්‍රබලම සංවිධානයවන OIC ( Organisation of Islamic Cooperation) සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුදකිමින් පසුගිය කොවිඩ් වසංගත සමයේ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කළ මානුෂික ඉල්ලීම තඹයකට ලෙ නොසලකා හැර ඊට ලිපියකින්වත් ප්‍රතිචාර නොදැක්වූ මේ උද්දච්ඡ ජනාධිපතිවරයාට අරාබි රටවල් උපකාර කරනු ඇතැයි සිහිනයකින් හෝ සිතිය හැකි දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
කෙත්තාරම පන්සලේ අධ්‍යාපනය හැදෑරූ පාසල් මගහැරුණු දරුවන් පෝෂණය කිරීමේ සිට වාර්ගික භේදයකින් තොරව අනාථ දරුවන් වෙනුවෙන් උපකාර කිරීම සදහා කැපවුන කටාරයේ රජතුමාගේ අරමුදලක් වන කටාර් පුණ්‍යායතන අරමුදල සාධනීය හේතුවකින් තොරව ත්‍රස්තවාදී අරමුදලක් ලෙස නම් කර තහනම් කළ අපහාසයම මොනතරම් ප්‍රබලදැයි විමසූ මන්ත්‍රීවරයා කටාරයට ආධාර ඉල්ලන්න රෙදි ඇඳගෙන නම් මේ ආණ්ඩුවට යා නොහැකි බව පෙන්වා දුන්නේය.
අවසානයේ දී ත්‍රස්තවාදී අරමුදලක් ලෙස තහනම් කළ කටාර් චැරිටි අරමුදල එසේ නොවන බව පෙන්වා කටාරයේ සිට තහනම ඉවත් කිරීම ප්‍රකාශයට පත් කිරීමට කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයාට සිදුවීම රටක් ලෙස අප පසුකල දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ දුගී කම පෙන්වා දෙන බව ද මන්ත්‍රීවයා කීවේය.
“ ගෝඨාභය රාජපක්ෂ ගෙ පාලනය ගැන කටාරය විතරක් නොවෙයි, කිසිම අරාබි රටක් පැහැදීමක් නෑ. සෞදි ආරාබියේ ගොඩාක් සංවිධාන මේ රටේ වැඩ කළා. ඒ වැඩ සියල්ලම නතර කළා මේ ආණ්ඩුවෙ මුග්ධ හැසිරීමත් එක්ක. “
“ලෝකයේ ඉස්ලාමීය රටවල්වල සංවිධානයක් තියනවා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය. ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් ඒ සංවිධානය තුළ ඉන්නවා. ඒ සංවිධානයේ ලේකම් වරයා සෞදි රජ පවුලෙ සාමාජිකයෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියන කොවිඩ් භූමදාන ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න කියලා ඔවුන් කාරුණික ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කළා. සාකච්ඡාවකට හෝ නොගොස් ඔහු එය විසි කරලා දැම්මා.“
“ කටාර් චැරිටි එක කියන්නෙ කටාර් රජතුමාගෙ අරමුදල. එක තමයි මේ අය බෑන් කළේ. ඒ ෆන්ඩ් එක සීස් කළා. මිලියන 300ක් සල්ලි එහි තිබුණා. ඒ සල්ලි රාජසන්තක කළා. සරත් වීරසේකර කිව්වා මේ ෆන්ඩ් එක ත්‍රස්තවාදීන්ට උදව් කරනවා කියල සාක්ෂි තියනවා කිව්වා. එහෙම ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර දෙන අරමුදලෙ තහනම ඇයි එක්වරම ඉවත් කළේ. එහෙම කරන්න පුලුවන් ද රටේ නීතිය අනුව. මොනව ද මේ වැඩ…. අපි ලෝකයට විහිළු සපයන ජාතියක් ද?“
කටාර් චැරිටි එකට මසෙකට ලක්ෂ දෙකක් ඩොලර් ආවා. මේ රටේ ළමයින්ගෙ සුබ සාධන වැඩවලට. ඒක නැවතුනා. කටාර් චැරිටි ෆන්ඩ් තියන්නෙ ලෝකයේ රටවල් හතක විතරයි. අපේ රටේ පටන් ගත්තේ 2017. ඕපන් කළේ සජිත් ප්‍රේමදාස. ඒකෙ ප්‍රතිලාභ ලැබුනේ පොඩි ළමයින්ට. අනාථ කඳවුරු වල ඉන්න පොඩි ළමයින්ට. වාර්ගික භේදයක් තිබුණෙ නැ ඒ අරමුදලෙ සමාජ කටයුතුවලට. කෙත්තාරාම පන්සලේ ඉස්කෝලෙ ගිය නැති අම්මා තාත්තා නැතිව වැඩුණු ළමයින් වෙනුවෙන් පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනයෙ දි ඒ දරුවො පෝෂණය කළෙත් කටාර් චැරිටි ෆන්ඩ් එක. ඒ සියල්ල ඉවරයි.
අන්තිම නින්දිත අපහාස ඒ රටවල් වලට කරලා, ජාත්‍යාන්තරව ප්‍රතිරූපයට ඉතා විශාල හානියක් කරලා දැන් ලජ්ජා නැතිව තෙල් ඉල්ලන්න යනවා.
තෙල් තියා වතුරවත් දෙන්නෙ නෑ මෙහෙම මිනිස්සුන්ට.
මන්ත්‍රීවරයා දීරඝ පැහැදිලිකිරිම නිම කළේය.