අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතාන්තය දක්වා හිරේ ගොස් දෙවසරකට පසු නිදොස් වී නිදහස් වුණු ගැහැණිය…

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
court-
Share on FacebookShare on Twitter

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ –

හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

මෙසේ අභියාචනාධිකරණය තීන්දු කළේ ඇය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්ගේ එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින් 2019 ජනවාරි 18 වැනි දින පතිරගේ ජයන්ති නැමැත්තියට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාර චූදිත කාන්තාව විසින් එම දඩුවමට එරෙහිව මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්ති පාර්ශවයේ සාක්ෂි පිළිබද නිසි සැලකිල්ලට ගෙන නොමැති බවත් පැහැදිලි වන බවද තීන්දුවේ සදහන් වේ.

මහාධිකරණ විනිසුරුවරයා  පැමිණිල්ලේ සාක්කිකරුවෙකු වන ෆොන්සේකා නැමැත්තාගේ සාක්කිය සම්බන්ධයෙන් නොමග ගොස් ඇති බවද තීන්දුවේ සදහන් ව ඇත.

පෙත්සම්කාර චූදිත කාන්තාව තමාට මුහුණුපෑමට සිදුවූ සිද්ධිය නිවැරදිව විස්තර කර ඇති බවත් , කුසුමා නැමැති සාක්කරුගේ  සහ චූදිත කාන්තාවගේ දියණියගේ සාක්ෂි වලින් චූදිත කාන්තාව නිවසේදී අත්අඩංගුවට ගෙන ඇය සන්තකයට හෙරොයින් දමා ඇතැයි ද අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිව සදහන් වේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ඩී.එන්.පාණ්ඩේට එදිරිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය යන නඩුවේ තීන්දුව අනුව විත්ති පාර්ශවයේ සාක්කිකරුවන්ට ද පැමිණිල්ලේ සාක්කිකරුවන්ට හා සමානවම සැලකිය යුතු බව පෙන්වා දී ඇතැයි ද අභියාචනාධිකරණය තීන්දුවේ සදහන් වේ.

සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

පෙත්සම්කාර චූදිත කාන්තාව වෙනුවෙන් නීතීඥ නිරංජන් ජයසිංහ  පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ රියාස් බාරි  පෙනී සිටියේය.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

වහාම බාර් වසා දමන්න – වෛද්‍ය සංගමය මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලයි

Next Post

මාව කතා කරවන්න එපා… ඔයාලගෙ රෙදි ගැලවෙයි… පොහොට්ටු මන්ත්‍රී ජගත් ඇමති සරත්ට සහ ලොකුගේට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.