සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිතය පූරණය කරන කෘතියක්…

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

කලෙක මේ රට තුළ සිටි ප්‍රභාමත් පුවත්පත් කලාවේදියෙක් වූ සමන් කළුආරච්චි තවත් කෘතියක් එළි දක්වා තිබේ. ඒ “අසමසම ජිවිතයක්” ලෙසිනි. කෘතිය සූරිය ප්‍රකාශනයකි. මිල රුපියල් 1445කි.

අසමසම ජීවිතයක්  නවකතාවක් නොවේ. එහෙත් නව කතාවක් ලෙස කියවා ගෙන යා හැකි අතිශය රසවත් දැනුම සංචිතයකි.  විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විසිරී යන සාහිත කලා දැනුම් සම්භාරයක් තුළ පාඨකයා රඳවා තබන්නේ ඔහුගේ දෘෂ්ඨි විෂය මහා ගැඹුරකින් පුළුල් කරමිනි.

සිය මව්රටින් පිටමන් වී මේ වනවිට සමන් කළුආරච්චි සිය ජීවිතය ගෙවන්නේ කැනඩාවේ වැන්කුවර් නගරයේය. පසුගිය දශක දෙකක කාලයක් තුළ විටින් විට විදේශ රටවලට සංක්‍රමණය වූ ජනමාධ්‍යවේදීන් ගෙන් තවමත් ලේඛනයේ  නියැලෙන පිරිස් වෙති. මේ පිරිස කොටස් දෙකකට වෙන් කළ හැකිය .

එක් කොටසක් වන්නේ   තමන්ගේ ආත්ම මමංකාරය හිසෙහි තබාගෙන ස්වකීය තෘප්ත නොවූ අභිලාෂයන් පිළිබඳව අඳෝනා නගන ලියන්නන්ය. අනෙක්  පිරිස   විදේශීය රටක ජීවත් වීම තුළින් ලබන නව දේශපාලන, සංස්කෘතික ලක්ෂණයන්ගෙන් තම ලේඛනය පොහොසත් කරගන්නන්ය. රට තුළ දී ලඟා විය නොහැකි දැනුම් සම්භාරයක් වෙත ප්‍රවේශය ලබමින් සිය නිර්මාණකරණය ඔප් මට්ටම් කරගන්නන්ය.     මට හිතෙන හැටියට සමන් කළුආරච්චි  අයත් වන්නේ මේ දෙවැනි කොටසටය.

ඔහු විසින් ලියන ලද අසම සම ජීවිතයක් කෘතිය කියවනවිට එය මනාව තහවුරු වේ. කාලය යනු මුදල් නොවේ.  කාලය යනු ජීවිතය සහ දැනුමය. මතු යම් දිනයක දී ඔබ බොහෝ දෙනෙකුට කාලය යනු දුහු මතක මාත්‍රයකි. ඒ මතකය ආදරණිය මතකයක්  බවට පත් කරගැනීම අර්ථ පූර්ණව  ජිවත් විමය.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

අර්ථවත් ජීවත් වීමකට නිශ්චිත අර්තකථනයක් නැත. එහෙත් එය තේරුම් ගත හැකි ප්‍රවේශ තිබේ. අසම සම ජීවිතයක් වැනි කෘති එවැනි ප්‍රවේශ සාදයි.

සමන් සිය කෘතිය සම්බන්ධව මෙවැනි සටහනක් තබයි.

ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත් දිනයයි” (The two most important days in your life are the day you are born and the day you find out why”) ලෝක ප්‍රකට ඇමරිකානු ලේඛක මාට්වේන් කීවේය.

ජීවත් වන්නට අපට ඇති ප්‍රධානතම පෙළඹීම විය යුත්තේ ජීවිතය විසින් අපෙන් බලාපොරොත්තු වනු ලබන අරමුණ සොයා යාමය. ඒ අරමුණ සොයා ගැනීමේ පූර්ණ නිදහස ඇත්තේ අප සතුවය. එබැවින් අපේ ජීවිතවල තේරුම කුමක්දැයි ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. ඒ වෙනුවට දවසින් දවස, හෝරාවෙන් හෝරාවට සිහිපත් කළ යුත්තේ ජීවිතය විසින් ඒ ප්‍රශ්න කිරීම අපෙන් කරනු ලබන බවය.

මතු යම් දිනයක දී බොහෝ දෙනෙකුට ඔබ මතකයක් පමණක්ම වනු ඇත්තේය. ඒ මතකය ආදරණීය මතකයක් බවට පත් කරගන්නට උත්සාහ ගන්න. එවන් ආදරණීය මතකයක් ඉතිරි කළ හැකි වන්නේ යහපත් මිනිසෙකු ඔබ තුළින් නිර්මාණය කර ගැනීමෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුව මඩකලපුව පාරේ මනම්පිටිය කොටලීය සහ ගල්ලෑල්ල පාලම් මරු කපොලු යලි ඉදිකිරීම ඇරඹෙයි…

Next Post

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසලත් ආයුධ ගබඩාවක්… මේ ආයුධ ගබඩා  හමුවූ   03වන ජලාශය…

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.