මනම්පිටිය නිමල් ජයරත්න –
ජීවිත රැසක් බිළිගත් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පිහිටි මනම්පිටිය කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම පුළුල් කර නැවත ඉදිකිරීම් කටයුතු අද (01) පෙරවරුවේ නිවාස සංවර්ධන සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යය ටී. බි. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පුනරුදයට මග මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ මෙම පාලම් දෙක පුළුල් කරමින් නැවත ඉදිකිරීම් කටයුතු කර මෙම වසරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම පාලම් දෙක නවීකරණය කිරීම සඳහා රජය රුපියල් 244,896,964.81 නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිකුත්කර තිබෙන නිවේදනයක සඳහන් වේ.
මනම්පිටිය කොටලීය සහ ගල්ලෑල්ල පාලම් දෙක පටුව පිහිටා ඇති බැවින්, ඒ හරහා ගමන් කිරීමේදී රථ වාහන අනතුරට ලක් වීමෙන් ජීවිත හා දේපොළ විශාල වශයෙන් අනතුරට ලක්වුණි.
2023 ජූලි 09 වෙනිදා මනම්පිටිය කොටලීය පාලමෙන් බස් රථයක් ප්‍රපාතයට පෙරළී ඉන් ජීවිත එකොළහක් අහිමි වු අතර හතළිස් එක්දෙනකු බරපතළ තුවාලයක් ලැබූහ.
මීට වසර කිහිපයකට පෙරදී මෙම පාලමෙන් වෑන් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් වෛද්‍යවරයකු ඇතුළු තවත් හය දෙනෙකුගේ ජීවිත අකාලයේ අහිමි වුණි.
මීට අමතරව පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන රියදුරන් මෙන්ම මගි ජනතාව මෙම පටු පාලම් දෙක පිහිටා ඇති ස්ථානයේ කාලය, ධනය, , වැය කරමින් බොහෝ වේලාවක් සිටීමටද සිදුවිය.







