සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන උත්තරීතර නායකයාගේ ප්‍රිය බිරිය මන්සූරේත් ඝාතනය වූ හැටි…

by editor
මාර්තු 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි  සමග දශක හයකට අධික කාලයක් ජීවිතය බෙදා ගත් ඔහුගේ ප්‍රිය බිරිය මන්සූරේ කොජස්තේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) අද (02)  අවසන් ගමන් ගියාය.

මාර්තු 28 දා  ඊශ්‍රයාලය ඉරානයට එල්ල කරන ආරම්භක ප්‍රහාර මාලාවේ ප්‍රමුඛ ඉලක්කය වූයේ  කමේනිගේ නිල නිවස වන Leadership House ය. එම ප්‍රහාරයෙන් කමේනි සමග    කමේනිගේ   දියණිය, ඇයගේ සැමියා (බෑණනුවන්) සහ කුඩා මුණුබුරෙකු හෝ මිනිබිරියක ඝාතනය වූ අයුරු ඉරාණ මූලාශ්‍ර තහවුරු කළේය. මුණුබුරාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව පරස්පර වාර්තා තිබුණද  අවම වශයෙන් එක් දරුවෙකු මිය ගිය පිරිස අතර විය මීට අමතරව, කමේනිගේ ලේලියක ද මියගොස් ඇති බව වාර්තා විය. එදින බෝම්බ ප්‍රහාරයෙන් කමේනිගේ පවුලේ  පස් දෙනෙක් ඝාතනය කර තිබිණි.  ඒ අවස්ථාවේ නිල මැදුරේ  විශේෂ සාකච්ඡාවක සිටි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් සහ බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් වැනි ඉහළ පෙළේ නිලධාරීහු ද ජීවිතක්ෂයට පත් වූ අය අතර වූහ.

ඊයේ තහවුර කළ  මරණ අතර කමේනිගේ බිරිය මන්සූරේ කොජස්තේ බගර්සාදේ  සිටියේ නැත.  ඉරාන මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, 79 හැවිරිදි මන්සූරේ කොජස්තේ බගර්සාදේ    සිටියේ  එල්ල වූ ප්‍රහාරවලින් පසු කෝමා තත්වයකය. මාර්තු 2 වන දින ‘Press TV’ සහ ‘Tasnim’ වැනි රාජ්‍ය මාධ්‍ය ඇයගේ මරණය නිවේදනය කළේ ඇය ප්‍රහාරයෙන් ලද තුවාල හේතුවෙන් “සාන්තුවරභාවයට (martyrdom) පත් වූ” බව සඳහන් කරමිනි.  ඒ අනුව මේ වනවිට ප්‍රහාරකයින් ඉරාණ උත්තරිතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළුව පවුලේ හය දෙනෙක් ඝාතනය කර ඇත.

1964 දී කමේනි සමඟ විවාහ වූ මන්සූරේ, මහජන දෘෂ්ටියෙන් බොහෝ දුරට සැඟවී ජීවත් වූ චරිතයකි. ඇය ඉරානයේ දේශපාලනික-ආගමික ප්‍රභූ පැලැන්තියේ පෞද්ගලික ජීවිතයේ සංකේතයක් විය. ඇයගේ භූමිකාව වූ ආදරණීය බිරිඳ සහ මව යන කරුණට එහා ගිය තොරතුරු බොහෝමයක් කිසිවෙක් දන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය ඇයගේ වියෝව ජාතික කැපකිරීමේ සංකේතයක් ලෙස හුවා දැක්වා තිබිණි.

 කමේනි පවුලේ පසුබිම

කමේනි සහ මන්සූරේට දරුවන් හය දෙනෙකු සිටියහ. ඒ  පුතුන් සිව්දෙනෙකු (මොස්තාෆා, මොජ්තාබා, මසූඩ් සහ මේසම්) සහ දියණියන් දෙදෙනෙකු (බොෂ්රා සහ හොඩා) ලෙස ය. පූජක සහ දේශපාලන පෙළපත්වලින් මුල් බැසගත් ඔවුන්ගේ පවුල් ගස, 1989 සිට ඉරානයේ අභියෝග කළ නොහැකි අධිකාරියක් බවට පත් වූයේය. කමේනිගේ  වැඩිමහල් පුත් මොස්තාෆා ප්‍රමුඛ පූජකවරයෙකි. කමේනිගේ උරුමය  මොජ්තාබා වෙත ලැබෙනු ඇති  බවට යම් මතයක් තිබුණද, ටෙහෙරානය තුළ එවැනි අනුමාන කිරීම් තහනම්ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කමේනිගේ දියණියන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉතාම කලාතුරකිනි.    හොඩා සහ බොෂ්රා ඉඳහිට පුණ්‍යාධාර හෝ අධ්‍යාපනික කටයුතු සමඟ සම්බන්ධ වී උන්හ. මෙම යුවළට මොහොමඩ් බාගර් කමේනි ඇතුළු මුණුබුරන් කිහිප දෙනෙකු ද සිටියහ.  කෙසේ වෙතත් මේ ඝාතනය වූ කණ්ඩායම අතර සිටින කමේනිගේ දියණිය බොෂ්රා ද,  හෝඩා ද යන්න පිළිබඳව ජාත්‍යාන්තර මාධ්‍යයන්හි නිශ්චිත තහවුරුවක්  නැත.

ඉරාන ඉතිහාසයේ පාලක පවුලකට එල්ල වූ දරුණුතම ප්‍රහාරය කමේනි පවුලට එල්ල කළ මෙම බිහිසුණු ප්‍රහාරය ය.  ඇමරිකානු චින්තන ගැති කවයට  මෙම ප්‍රහාරය   ඉරානයේ කලාපීය බලපෑම මර්දනය කළ  තීරණාත්මක ජයග්‍රහණයකි.    ඉරානය සහ එහි මිත්‍ර පාක්ෂිකයන්ට  මේ පතිතව ඇත්තේ දරුවන් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කළ තිරශ්චීන ත්‍රස්තවාදයකි.

ගැටුම නිමාවන හැඩක් නැත.   ලෝකය මීළඟට සිදුවන දේ පිළිබඳව බියෙන් බලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව!

Next Post

සෙමි ෆයිනල් එන්න බැරි වුන පකිස්ථාන කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට පකිස්ථාන රුපියල් මිලියන 05 බැගින් දැවැන්ත දඩ…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.