සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සෙමි ෆයිනල් එන්න බැරි වුන පකිස්ථාන කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට පකිස්ථාන රුපියල් මිලියන 05 බැගින් දැවැන්ත දඩ…

by editor
මාර්තු 2, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • අපේ උන් පැරදුන පැරදිල්ලට දඩ ගැහුවා නම් මෙලහට සෙට් එක පිටකොටුවේ බෝධිය ලඟ හිඟා කනවා…

2026 විස්සයි-20 ලෝක කුසලානයෙන් අන්ත කුජීත ලෙස පරාද වී අප එළියේය.  පකිස්ථානයත් එළියේ ය.  පකිස්තාන ක්‍රිකට් අප තරම් කුණු කානු පල්ලට වැටුනේ නැත.  උන් අපට වැඩිය බොහෝ ඉහළ තැනක සිට ක්‍රිකට් ගැසූවේය.

එහෙත්, අවසාන මොහොතේ ඉලක්ක කරා යාමට නොහැකි වීම සහ පිටිය තුළ පෙන්නුම් කළ වගකීම් විරහිත ස්වරූපය හේතුවෙන් පකිස්ථානයට දැන් දරුණු දඬුවම් විඳීමට සිදුව තිබේ. ක්‍රීඩාව යනු හුදෙක් ජය පරාජය පමණක් නොව, ලබා දෙන වරප්‍රසාද හමුවේ ජාතියකට සිදුකළ යුතු වගවීමක් බව පසක් කරමින් පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සිය සංචිතයට එරෙහිව දැඩි මූල්‍යමය දඬුවම් පමුණුවා තිබේ.

ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්ථාන සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙකුටම පාකිස්ථාන රුපියල් මිලියන 5ක  (ඇමරිකානු ඩොලර් 18,000කට ආසන්න) දැවැන්ත දඩයක් පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) තීරණය කර තිබේ.

මෙම දඩය පැනවීමට මූලික වී ඇත්තේ හුදෙක් විනය හේතූන් නොව,  ජාතියක වගකීම පැහැර හළ  කණ්ඩායමේ අසාර්ථක ක්‍රීඩා විලාසය බව පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු  කළේය. විශේෂයෙන්ම පෙබරවාරි 15 වැනිදා ඉන්දියාව හමුවේ ලකුණු 61ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් අනතුරුව  පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය  ක්‍රීඩකයින්ට අනතුරු ඇඟවීමක් කර තිබුණේය. ඒ අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වුවහොත් මෙම මූල්‍යමය දඩය ක්‍රියාත්මක වන බවය.

එපෙබරවාරි 28 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 5ක ජයක් ලැබුවද, අවශ්‍ය දළ ලකුණු වේගය පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පාකිස්ථානයට හිස් අතින්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට සිව්වැනි වතාවටත් ICC තරගාවලියක මූලික වටයෙන්ම ඉවත් වීමෙන් පසුව, ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි විසින් මෙම දඩ මුදල් අය කර ගැනීම සඳහා නිල අනුමැතිය ලබා දී තිබිණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

මේ අතර, කණ්ඩායමේ පරාජයේ වගකීම භාර ගනිමින් වත්මන් නායක සල්මාන් අලි අගා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තරගාවලිය පුරා පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම සහ නායකයෙකු ලෙස පිටිය හැසිරවීමේදී පෙන්නුම් කළ දුර්වලතා හේතුවෙන් ඔහු දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.

පාකිස්ථාන නායකත්වය සඳහා මීළඟට ශදාබ් ඛාන් හෝ ශහීන් ශා අෆ්රිඩිගේ නම් යෝජනා වී ඇති අතර, ඉදිරි බංග්ලාදේශ එක්දින තරගාවලියට පෙර කණ්ඩායමේ මෙන්ම පුහුණුකාරීත්වයේ ද දැවැන්ත වෙනසක් සිදුවනු ඇති බවට ක්‍රික්බස් (Cricbuzz) සහ ක්‍රික්ඉන්ෆෝ (Cricinfo) වැනි විශ්වාසවන්ත ක්‍රීඩා පුවත් සේවා පෙන්වා දෙයි.

මේ පුවත දකිනවිට අපට නම්  මොනවා කියන්නදැයි හිතෙන්නේ නැත. අප අවසන් වරට අවසන් පූර්ව වටයට හෝ අවසන් වටයට අයි.සී.සී එක්දින හෝ විස්සයි 20 ශූරතාවයකදී පැමිණියේ වර්ෂ 2014 දී ය. එතැන් සිට වසර 12ක් තිස්සේ ලෝක කුසලාන තරගාවලි 08ක් පැවිත්විනි. එම 08න්  සුපිරි 08 දෙනාගේ වටයට හෝ පැමිණි මුල්ම අවස්ථාව මෙයය. මුන්ට වගකීම් පැහැර හැරීම, විනය කඩ කිරීම සහිතව මේ පැරදෙන පැරදිල්ලට  ගැන දඩ ගැහුවා නම් මෙලහට කට්ටිය කොටුව බෝධිය ලඟ හිඟා කන ගමන්ය.

ක්‍රිකට් සෙල්ලමක් නොවන බව අපි අනන්ත කියා ඇත්තෙමු. පකිසථානය එය අද ලෝකය ඉදිරියේ සනාථ කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරාන උත්තරීතර නායකයාගේ ප්‍රිය බිරිය මන්සූරේත් ඝාතනය වූ හැටි…

Next Post

සුන්බුන් විපක්ෂයේ සියලු සත්වයන්ට එරෙහිව සන්ධානයක් හදනවා… ෆීලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.