ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට වලට ලබාදුන් රංගනයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය නළු බර්නාඩ් හිල් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
79 හැවිරිදි වියේ පසු වූ ඔහු ඊයේ එනම් ඉරිදා උදෑසන මියගිය බවයි සඳහන් වන්නේ.
1997 වසරේ තිරගත වූ ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයෙ හි නෞකාවේ කැප්ටන් එඩ්වඩ් ස්මිත්ගේ චරිතය හේතුවෙන් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තියෝඩන් ගේ චරිතය හේතුවෙන් බර්නාඩ් හිල් ලෝක ප්‍රසිද්ධියට පත්වූ අතර එම චිත්‍රපට දෙකම ඔස්කාර් සම්මාන 11 ක් දිනා ගැනීම සමත් විය. ඒ අනුව ඔස්කාර් සම්මාන 11 ක් දිනාගත්, එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක රඟපෑ එකම නළුවා බර්නාඩ් හිල් ය.