සිය තෙවන වාරය සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් තේරී පත්වීමත් සමඟම ඔහු අනුගමනය කරන දැඩි බලහත්කාර ප්‍රතිපත්ති ඉදිරියේදීත් ක්‍රියාත්මක වනු ඇති බවත් එම බලහත්කාර ප්‍රතිපත්ති ගෝලීය දේශපාලනය තුළද ක්‍රියාත්මක වීමට බොහෝවිට ඉඩ ඇති බවටත් ලොක් දේශපාලන විචාරකයො මත පළ කරති.
මෙහිදී කොරෝනා වංසගතය පැතිරීමටත් සමඟ ලොව අනෙකුත් රාජ්‍යයන් ඉතා සාමූහිකව කටයුතු කළද චීනය අනුමගනමනය කළ දැඩි ප්‍රතිපත්ති වලින් ෂී ජින්පින් පාලනයේ සහ ප්‍රතිපත්ති වල දැඩි බව මනාව පෙන්නුම් කරන බවද විශේලේෂකයෝ පෙන්වා දෙති.
ඒ අනුව මෑතකදී නිකුත් වූ ගෝලීය දේශපාලන වාර්තාව මගින් ජින්පින් පාලනය ගෝලීය වශයෙන් බලපාන ආකාරය ඉතා සවිස්තරාත්මකව ගෙන හැර දක්වා තිබේ. අදාල වාර්තාවට අනුව චීනයේ සිය බලහත්කාර ප්‍රතිපත්ති වල ත්‍රිවතාවක් සහ එහි ප්‍රවේශය වැඩිවීමක් පෙන්නුම් කරයි.
එමෙන්ම තායිවානය සහ දකුණු චීන මුහුදේ සහ නැගෙනහිර චීන මුහුදේ දී චීනය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මේ අතර ෂී ජින්පින් පාලන සමයේදී ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සමහර යුරෝපීය ජාතීන් සහ පකිස්ථානය දක්වා ව්‍යාප්ත වී ඇත.
වසර දෙකකට පෙර, ඕස්ට්‍රේලියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා “ශක්තිමත්” වූ අතර ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සාපේක්ෂව චීනයට සමීප ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත්, අදාල වාර්තාවට අනුව, කොරෝනා වෛරසයේහි මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටීම සඳහා ඕස්ට්‍රේලියාව චීන ආර්ථික බලහත්කාරයෙන් විශාලතම ඉලක්කය බවට පත් විය.
ඒ අනුව චීනයේ මෙම ප්‍රතිපත්ති මේවන විට ගෝලීය දේශපාලන සමතුලිතභාවටය දැඩි බලපෑමක් එල්ලවි ඇති බවට මනාව පෙන්නුම් කරයි. එහිදී චීනය දිනෙන් දින සිය යුධ ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීමට විශේෂයෙන්ම අවධානය යොමුකළ යුතු කාරණයි.
මෙම තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් එය දැඩි ගෝලීය අර්බුදයකට පවා වර්ධනය විය හැකි බවද විශේලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.







