ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගයේ ඇෆ්ගිස්ථාන ඉනිම නිමා වී තිබේ. විශිෂ්ට පිතිකරණයකින් අනතුරුව අභියෝගාත්මක ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කයක් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීම තේරූ ඇෆ්ගන් පිතිකරුවෝ විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් අර්ධ ශතකයක් රැස් කළේය. ඔහු පන්දු 55ක දී ලකුණු 53ක් රැස් කළේය. ඊට හතරේ පහර 09 එක් විය.
මනරම්ම පිතිකරණය ඊබ්‍රහීම් සද්‍රාන්ගෙනි. ඔහු පන්දු 120 දී විශිෂ්ට ශතකයක් ලැබුවේය. සද්‍රාන් ලකුණු 106කි.
අනතුරුව පිටියට පැමිණි රහ්මාට් ෂා ද ලකුණු 52ක් ලැබුවේය. නජිබුල්ලා සද්‍රාන් ලකුණු 42කි. මුල් පෙළ විශිෂ්ට පිතිකරණයකය.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් ලැබීය. කසුන් රාජිත, ධනංජය ලක්ෂාන්, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් ලැබුවේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී ඇත.