අරගල කරුවන් එක මර්ධනකාරී ලෙස අත්අඩංගුවට ගැනීම් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳ මහජන පුස්තකාල ශාලාවේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී පිටතට පැමිණෙද්දී අරගලයේ ක්‍රියාකාරිකයෙක් වූ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට උන්වහන්සේ කුරුඳුවත්ත පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිති.
මාහානාම හිමියන්ට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය ජුනි මස 09 දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට ක්‍රියාකාරීව සම්බන්ධ වී කළහකාරී ලෙස හැසිරීම පිළිබඳවය.
ජුනි මස 09 දා පොලිස් මූලස්ථානය අසල විරෝධතාවය පැවැත්වුනේ මැයි 09 ගෝල්ෆේස් අරගලයට පහර දීමට ඉඩහල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමිනි.