ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මතවාදීමය වශයෙන් කටයුතු කරන සියලුම පොහොට්ටු මන්ත්‍රීවරන් නිශ්ක්‍රීය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් අද (03) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සැලසුම් වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පොහොට්ටුවේම ප්‍රබලයින් කණ්ඩායමක් එක් වී පවත්වන ලද මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරණය දිනයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය පාවිච්චි කළ සියලුම මන්ත්‍රීවරු දරන සියලු තනතුරුවලින් ඉවත් කිරීමටත් පක්ෂය තුළ විරෝධතා නැති පිරිස් අතර වගකීම් බෙදා දී ප්‍රතිසංවිධානයක් ඇති කිරීමටත් තීරණය වී ඇත.
මෙහිදී වඩාත් වැඩි අවධානය යොමු වී ඇත්තේ දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුර ලබා දුන් මන්ත්‍රීවරුන් ගැන.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරහා ආණ්ඩුකරණ වැඩපිළිවෙළට එකඟ නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනාම එම කමිටු සභාපති ධුරවලින් ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
එහි පළමු පියවර ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිත්වය උසුලන වසන්ත යාපා බණ්ඩාර ඉන් ඉවත් කර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ වෙත එම තනතුර ලබා දීම සුදුසු බව මහනුවර ප්‍රබල ඇමතිවරයෙක් යෝජනා කර තිබේ.