තුෂාරී කළුබෝවිල –
දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ 11ක් මෙසේ දැඩි නායයාම් අවදානම් තත්ත්වයේ පවතින බව පැවසේ.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ,
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ යන ප්‍රදේශ දැඩි අවදානම් සහිත වේ.
එසේ ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, මැදදුම්බර, දෙල්තොට, පස්බාගේ, උඩපළාත, දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇලපාත, පැල්මඩුල්ල, ඇහැලියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවලට ද නාය යාම් අවධානම පවතී.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ඇති වූ නායයාම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61කට අයත් පවුල් 3191ක පුද්ගලයින් 12819 දෙනෙකු මේ වනවිට විපතට පත්ව ඇති බව යි. පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ද නිවාස 983කට හානි සිදුව ඇති බව ද ඔවුහූ පවසති.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව පළාතටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙන බවයි.
තද වැසි සමග බොහෝ ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ද පවතින බැවින් ගස් අතු කඩා වැටීම් වැනි අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ද අනතුරු ඇඟවේ.
වර්ෂාවත් සමග බොහෝ කඳුකර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම්, දිය උල්පත් මතුවීම්, පහත් බිම් යටවීම් ආදිය සිදුවිය හැකි බව ද අවධාරණය කෙරේ.