නව ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) රුවන් වනිගසූරිය පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඔහු ඊයේ (02) ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත අතින් සිය පත්වීම් ලිපිය නිල වශයෙන් ලබා ගත්තේය.
මේජර් ජෙනරාල් වනිගසූරිය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය නව භූමිකාවේ රාජකාරි ආරම්භ කර ඇත. මින් පෙර ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් රුවන් කුලතුංගය.







