ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 කගේම අදහස් ලිඛිතවම විමසුවද මේ වන විට කිසිවෙකුත් සිය අදහස් හා යෝජනාවන් ඉදිරිපත් කර නොමැති බව පරිසර ඇමති මහින්ද අමරවීර සදහන් කරයි.
ආණ්ඩු මාරුවෙන් විට වෙනස් නොවන ඇමතිවරුන් මාරුවෙන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම මගේ අපේක්ෂාව යැයි ඇමතිවරයා සදහන් කරයි.
ආණ්ඩුවේ සිටින හා ආණ්ඩු කිරීමට බලාපොරොත්තු වන පිරිස මේ සදහා තමන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කර පරිසරය සුරැකීම සදහා අවශ්‍ය වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට සහයෝගය දක්වන්නැයි ඇමතිවරයා විශේස ඉල්ලීමක්ද කරයි.