අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඟුල් පින්තූරෙටත් ගාණක් දැම්ම පෝට් සිටියේ වැඩ

by Lanka Sara Editor
ජනවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු සහ අප්රිකානු කලාපයේ භූ-දේශපාලනික වැදගත්කමක් සහිත රටවල සිය ආධිපත්යය පැතිරවීම සඳහා චීනය විසින් ක්රියාත්මක කෙරෙන ‘එක් තීරයක්-එක් මාවතක්'(Belt Road Initiative) වැඩසටහනේ දකුණු ආසියාතික මර්මස්ථානයක් වන්නේ කොළඹ වරාය නගරයයි. පළමුව සින්නක්කරවම රාජපක්ෂවරුන් වෙතින් වරාය නගරයට ඉඩම් පවරාගත් චීනය, පසුව නීතිය හමුවේ අභියෝගයට ලක්වීම සහ ආණ්ඩු මාරුවක ප්රතිඵලයක් ලෙස හිමිකම වෙනස් වුවද, නාමික අයිතියක් පමණක් ශ්රී ලංකාවට ඉතිරි කරමින් 99 අවුරුදු බද්දකට රටේ හදවත බඳු කොළඹ නගරයේ අතිශය තීරණාත්මක බිම් කොටසක් සිය සන්තකයට ලබාගනු ලැබුවා. 1658 ශ්රී ලංකාව ආක්රමණය කළ ලන්දේසින් රටේ භුමිය අත්පත් කරගැනීමට අනුගමනය කළ ව්යාප්තවාදී න්යායට සමාන ආකාරයෙන් චීනුන් වරාය නගරයට අවශ්ය පසුබිම සකස් කරගත් බව වර්තමාන ඉතිහාසඥයන්ගේ මතයයි. ආසියානු සහ අප්‍රිකානු කලාපයේ භූ-දේශපාලනික වැදගත්කමක් සහිත රටවල සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා චීනය විසින් ක්‍රියාත්මක කෙරෙන ‘එක් තීරයක්-එක් මාවතක්'(Belt Road Initiative) වැඩසටහනේ දකුණු ආසියාතික මර්මස්ථානයක් වන්නේ කොළඹ වරාය නගරයයි. පළමුව සින්නක්කරවම රාජපක්ෂවරුන් වෙතින් වරාය නගරයට ඉඩම් පවරාගත් චීනය, පසුව නීතිය හමුවේ අභියෝගයට ලක්වීම සහ ආණ්ඩු මාරුවක ප්‍රතිඵලයක් ලෙස හිමිකම වෙනස් වුවද, නාමික අයිතියක් පමණක් ශ්‍රී ලංකාවට ඉතිරි කරමින් 99 අවුරුදු බද්දකට රටේ හදවත බඳු කොළඹ නගරයේ අතිශය තීරණාත්මක බිම් කොටසක් සිය සන්තකයට ලබාගනු ලැබුවා. 1658 ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ලන්දේසින් රටේ භුමිය අත්පත් කරගැනීමට අනුගමනය කළ ව්‍යාප්තවාදී උපාය මාර්ගයට සමාන ආකාරයෙන් චීනුන් වරාය නගරයට අවශ්‍ය පසුබිම සකස් කරගත් බව වර්තමාන ඉතිහාසඥයන්ගේ මතයයි.

දැන් වරාය නගරයට අවශ්‍ය සමස්ත භුමිය සාගරයද ගොඩකර සකස්කොට අවසන්ය. පසුගිය අවසර මැද භාගය වනවිට වරාය නගරය ශ්‍රී ලංකා භූමිය පාලනය වන නීති පද්ධතියෙන් බැහැරව වෙනම නීතියක් මගින් පාලනය කෙරෙන බිම් ප්‍රදේශයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය නීති පද්ධතියද රාජපක්ෂවරුන්ලවා සම්මත කරවා ගැනීමට චීනය සමත් විය. අධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරුණු බැවින් ‘වරාය නගර කොමිෂන් සභා’ පනත නම් එම පනතේ කෙටුම්පත් අවස්ථාවේ පවතී ඇතැම් වගන්ති සංශෝධනය කෙරුණු බව පෙනුණත්, වෙනම චීන කොළනියකට අවශ්‍ය සම්පුර්ණ නීති පද්ධතියක් පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු එම අවසන් පනත සතුව පවතිනවා. දැන් අප මේ කියන්නට යන්නේ එම වරාය නගර කොමිෂන් සභා නීතියට මුවාවෙමින් චීනය විසින් රටේ සමස්ත නීති පද්ධතියටම අභියෝග කිරීම ආරම්භ කර තිබීම පිළිබඳවය. මෙම ලිපියට පාදකවන ප්‍රස්තුතය ආරම්භ වන්නේ මෙම මස මුලදී වරාය නගරයේ දැනට ඉදිකර ඇති මහජන මංතීරුව නමින් හැඳින්වෙන කොටසට රටේ සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට ඉඩ සලසාදීමත් සමගිනි. එම විවෘත්ත කිරීමට රජයට හිතවත් බහුතරයක් ජනමාධ්‍ය ආයතන හරහා ලබාදුන් ප්‍රචාරය හමුවේ, යම් දිනෙක වරාය නගරය ඉදිවීමෙන් අනතුරුව ඊට ඇතුළුවී, එහි සේවා ලබාගැනීම සිහිනයක් පමණක් වන මෙරට දුගී සහ පහල මධ්‍යම පාන්තික ජනතාවගෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් පළමු දින 10ක කාලයේදී පමණක් මෙම පදික මංතීරුවේ ඇවිද සෙල්ෆි ඡායාරුප ගෙන තිබුණා. එම දිනවල රටේ ආරම්භ වෙමින් පැවැති උග්‍ර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හමුවේ කොළඹ ඇතුළු නාගරික ජනතාවගේ අවධානය යම් පමණකට වෙනතකට හරවන්නටද මෙම චීන පදික මංතීරුව ඉවහල් උණා. ආරම්භයේදී මෙම පදික මංතීරුවට නොමිලේ ප්‍රවේශවීමට අවකාශය ලබාදී තිබුණත්, ඊට කොන්දේසි කිහිපයක්ම පනවා තිබුණා. වරකට එක් අයකුට පමණක් ඇතුළුවිය හැකි ඉතා කුඩා ගේට්ටුවකින් වරාය නගර මායිමේ පිහිටි මෙම මංතීරුවට ජනතාව ඇතුළු කරගනු ලැබූ අතර පස්වරු 6 වන විට ජනයා අනිවාර්යයෙන් ඉන් පිටතට පැමිණිය යුතු වුණා. අඳුර වැටීමෙන් අනතුරුව කිසිදු අනවසර ශ්‍රී ලාංකිකයෙක් සිය භුමියේ රඳවානොගැනීමට චීනය විසින් මින් වගබලාගෙන තිබුණා. ඉන් සති දෙකකට පමණ පසුව, සීමිත ඉඩකඩක් යටතේ වුවත් ශ්‍රී ලාංකිකයන්ට මෙම ‘සිහින සවාරියේ’ යෙදීමට ලබාදී තිබූ අවකාශයට තවත් සිමා පනවන්නට චීනය කටයුතු කරනු ලැබුවා. ඒ, මෙම මංතීරුවේ සිට ඡායාරුප ගන්නවුන්ගේන් මුදල් අයකිරීම ආරම්භ කරමින්.
එහිදී වරාය නගරයේ ඡායාරූප හා විඩියෝකරණ කටයුතු සඳහා ගාස්තු ප්‍රකාශ කර තිබුණා. ඊට අදාලව නිකුත් කෙරුණු නිවේදනයක දැක්වුණේ වරාය නගරයේ ඡායාරූප ගැනීමක් හෝ විඩියෝකිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා පැය ගණනට ගෙවිය යුතු බවයි. එම අයකිරීම්ද කොළඹ නගරයේ වෙනත් මුදල් ගෙවා ඡායාරුප ලබාගත හැකි ස්ථානවල අයකිරීම්වලට වඩා අධික අගයක් ගනු ලබනවා. CHEC port City Colombo (Pvt) Ltd යන චීන සමාගමක් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. දැනට ප්‍රකාශ කෙරෙන ආකාරයට මෙම ගාස්තු අය කිරීම් මංගල ඡායාරූප සහ විඩියෝ, මියුසික් විඩීයෝ, වෙළඳ දැන්වීම් වැනි සංවිධාන්තමක ඡායාරූප හෝ විඩියෝ සඳහා පමණක් අදාළ වෙනවා. මෙම සමාගම පෝර්ට් සිටියේ පොදු මහජන ප්‍රදේශ කළමනාකරණ සමාගමක් බව ද මෙහිදී අනාවරණය වුණා. මේ අතර ඉදිරියේදී රජයේ ඉල්ලීම මත සීමිත කාලයකට නොමිලේ ඇතුළුවීමට ඉඩ ලබාදී ඇති පදික මංතීරුව ඇතුළු සීමිත ප්‍රවේශය වෙනුවෙන් ගාස්තු අයකිරීමටද ඉහතකී සමාගම සුදානම් වන බව දැනගන්නට තිබෙනවා. මෙම ගාස්තු අයකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මතවාද ප්‍රකාශ කෙරුණත් ඒ පිටුපස පවතින බරපතල ගැටලුව කිසිවකුත් හඳුනාගෙන නැති බව පෙනෙන්නට තිබෙනවා. එම ගැටලුව වන්නේ මෙම ගාස්තුව අයකරන සමාගම කුමක්ද යන්න සහ අදාළ සමාගම මුදල් අයකරන ආකාරයි. CHEC port City Colombo (Pvt) Ltd යනු පැහැදිලිවම ශ්‍රී ලකාවේ ක්‍රියාත්මක චීන සමාගමක් වන අතර එය දැන් සෘජුවම ශ්‍රී ලාංකිකයන්ගෙන් ආදායම් රැස්කරමින් සිටී. එහෙත් පාර්ලිමේන්තුවේ අවසානයට සම්මත කෙරුණු වරාය නගර කොමිෂන් සභා පනතේ දැක්වෙන ආකාරයට එම භුමියේ ආදායම් රැස්කිරීමට අදාලව කොමිෂන් සභාව විසින් පළමුව මුදල් රෙගුලාසි සකස් කළ යුතු වෙනවා. අනතුරුව එම මුදල් රෙගුලාසිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. එහෙත් ඒ කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මෙම චීන සමාගම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ආදායම් රැස්කිරීම ආරම්භ කර තිබෙනවා.එහෙත් රජයේ කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයෙක් එය නීති විරෝධී ක්‍රියාවක් ලෙස පෙන්වාදී නැහැ. මෙම ක්‍රියාව පැහැදිලිවම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහ අධිකරණ පද්ධතියට එල්ල කරන ලද අතුල් පහරක්.

එපමණක්ද නෙමෙයි.CHEC port City Colombo (Pvt) Ltd නම් චීන සමාගම ඡායාරුප ගාස්තු පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන ආකාරයට මෙම ගාස්තු සෘජුවම ගෙවිය යුතු වන්නේ චීන බැංකු ගිණුමකටයි. දැනටමත් ‘Bank Of china” ශාඛාවක් කොළඹ පිහිටුවා ඇති අතර එහි ගිණුමකට මෙම ගාස්තු ගෙවිය යුතු වෙනවා. චීනය විසින් 2018 මාර්තු 28 වැනිදා කොළඹ යෝර්ක් විදියේ Bank Of china ශාඛාවක් පිහිටුවන්නේම වරාය නගරයෙන් ලැබෙන සියලුම ආදායම් ශ්‍රී ලාංකික බැංකු හරහා සංසරණය වන්නට ඉඩ නොදී සෘජුවම ඒවා චීනයට ලබාගැනීමට ඉඩ සලසා ගැනීම වෙනුවෙනුයි. ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙලෙස කිසිදු අනුමැතියකින් තොරව, නීති විරෝධී ආකාරයෙන් අයකෙරෙන මුදල් අනතුරුව පැහැදිලිවම චීනයට රැගෙන යාමට දැන් ප්‍රසිද්ධියේම කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව දැන් වරාය නගරය පාලනය කිරීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද වරාය නගර කොමිෂන් සභාවද ‘වැඩකට නැති’ ආයතන ව්‍යුහයක් බවට පත්ව තිබෙනවා. හේතුව චීන සමගම මෙම ගාස්තු අයකරන්නේ කොමිසමේ කිසිදු අනුමැතියකින් හෝ අවම තරමින් එය දැනුවත් කිරීමකින් හෝ තොරව වීමයි.

එසේනම් වරාය නගරයට සම්බන්ධ මෙම පළමු ක්‍රියාකාරකමේ සිටම දැකගත හැකිවන්නේ කුමක්ද? පැහැදිලිවම දැකගත හැකිවන්නේ චීනය විසින් මෙරට නීතිය ‘පයිසයකට’ ගණන් නොගනිමින් කටයුතු කරන බව නොවේද? එසේනම් ආරම්භයේම මෙවැනි සිල්ලර කාරනා මෙසේ වන විට අනාගතයේ වරාය නගරය ගොඩනැගුනු විට චීනය සිය බලය සහ ආධිපත්‍යය මෙරට තුල කෙසේ භාවිත කරනු ඇද්දැයි අමුතුවෙන් සිතාගත යුතු නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ජාතික පරිසර ප්‍රතිපත්තියක්  හදන්න 225න්ම යෝජනා   ඉල්ලුවත් කිසිවෙකුගෙන් ප්‍රතිචාර නෑ… පරිසර ඇමති

Next Post

ඉන්දියාව පාස්පොට් එක වෙනස් කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.