ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 දා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා එම පිරිස දිවයිනට පැමිණීමට නිමිතය. එම සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබා දීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි.
එම රැස්වීම කල් දැමුණේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙනි.
ශ්‍රී ලංකා රජය පසුගිය දා පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.







