ජ්‍යෙතීර්වේදී ඉන්දික තොටවත්ත විසින් පවත්වාගෙන යන සත්‍ය ව්ලොග් (Sathya Vlog) යූ ටියුබ් නාළිකාවේ ඉදිරියේ පළ වීමට නියමිත තිබෙන බව කියවෙන භික්ෂුන් වහන්සේ නමක සහභාගී වන සාකච්ඡාවක් ප්‍රචාරණය කිරීම හෝ එම නාළිකාවට උඩුගත කිරීම (අප්ලෝඩ්) වළක්වමින් කඩුවෙල දිසා අධිකරණය විසින් පෙරේදා (21) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
රත්නපුර මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍යාධිපති රතන හිමියන් විසින් මෙම වැඩ සටහන ප්‍රචාරය කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මේ නියෝගය නිකුත් කොට තිබේ.
මිණිපුර අමාශාන්ති තපො වන ආරණ්‍ය අධිපති ස්වාමීන් වහන්සේවන රතන හිමියන් විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුව මෙම නියෝගය ලබා ගැනීමට හේතුවී ඇත්තේ පාමංකඩ ගුණානන්ද නම් ස්වාමීන් වහන්සේ නමක සමඟ සිදු කරනු ලබන 28 වැනිදා ප්‍රචාරය වීමට නියමිත බව කියවෙන සාකච්ඡාවකි. අදාළ පෙත්සම විභාගයට ගන්නා දිනය දක්වා මෙම වාරණය ක්‍රියාත්මක වන බව අධිකරණය දැන්වීය.
රතන ස්වාමීන් වහන්සේ විසින් මෙම පෙත්සම ගොනු කිරීමට හේතු වී ඇත්තේ විහාරස්ථානයේ කලක් වැඩ විසූ භික්ෂුවක වන පාමංකඩ ගුනානන්ද නම් ස්වාමීන් වහනසේ සිය ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී ද්වේෂ සහගත ලෙස නායක ස්වාමීන් වහන්සේ විවේචනය කරන බවත් අපහාස සිදුවන අයුරින් සාකච්ඡාවක් ලබා දී ඇති බවත් සහ මෙම වැඩසටහන ලබන මස 28 වැනිදා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇති ටත් ලබා දුන් දැනුම් දීම හේතුවෙනි.
මෙම දුරකථන සංවාදය පටිගත වී ඇති අතර මෙම කරුණු පිළිබඳව සලකමින් අදාළ නියොග්ය නිකුත් කරන ලෙස එම හිමියන් සිය නීතීඥයන් මාර්ගයෙන් අධිකරණය වෙතින් ඉල්ලා ඇත.
උන්වහන්සේ වෙනුවෙන් මෙම පෙත්සම ජනාධිපති නීතීඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පුමුඛ නීතී මඩුල්ලක් විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.







