ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය පරිදි අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් එම වෙබ් අඩවිය සහ ජංගම යෙදුම ඊයේ (22) එළිදැක්විණි.
: https://seatreservation.railway.gov.lk/mtktwebslr/ දිගුව ඔස්සේ එම වෙබ් අඩවියට පිවිසිය හැකිය. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් සහ ජංගම යෙදුම භාවිතයෙන් ලෝකයේ ඕනෑම තැනක සිට අනාගතයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීමට හැකි වනු ඇත.
මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඩිජිටල්කරණය කර තිබේ.
මෙසේ සක්‍රීය කර ඇති ස්වයංක්‍රීය ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ පද්ධතිය මගීන්ට සියලුම දුම්රිය මාර්ග සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට ඉඩ සලසන බව අමාත්‍යාංශය කියයි.
දුම්රිය ප්‍රවේශපත්‍ර, මෙන්ම දුම්රිය බලපත්‍ර
නිකුත් කිරීම ඇතුළත් වන පරිදි මෙම ක්‍රමය සකස් කර ඇත.
මගීන්ට පළමු පන්තියේ සහ නිරීක්ෂණ මැදිරි සඳහා ප්‍රවේශපත්‍ර, දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර මෙන්ම ගමන් රාමුවක් ආවරණය කරන සංචාර ප්‍රවේශපත්‍ර ද මින් ලබා ගත හැකි වේ.
අන්තර්ජාලය හරහා ගෙවීම් කර Visa, MasterCard, සහ Lanka QR ඇතුළු ක්‍රම කිහිපයකින් ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.
මගීන්ට m-Ticketing සේවාව මගින් දුම්රිය ස්ථාන වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත (NIC) හෝ ප්‍රවේශ පත්‍රයේ යොමු අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් තමන් වෙන්කර ඇති ප්‍රවේශපත්‍ර ලබා ගැන්මට හැකිය.
ඉදිරියේදී මෙම ක්‍රමය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන අතර එම ප්‍රවේශපත්‍ර QR කේතය මගින් තහවුරු කර ගැනීමට හැකිවනු ඇත.







