සුමිත් පොතුපිටිය –
ජලසම්පාන මණ්ඩලයේ රියදුරෙකු රුපියල් ලක්ෂ 45 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටීයදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත .
මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු ජලසම්පාන මණ්ඩල මූලස්ථානයේ රියදුරකු ලෙස රාජකාරි කරන බවත් ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කීය.

ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන ඇතුළු පොලිස් කණ්ඩායම මග්ගොන ඉන්ධන පිරවුම්හල අසල රැකසිට කළුතර දෙසින් පැමිණි යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි යට ඇදුමේ සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනය සහ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
දැනට මරණීය දන්ඩනය නියමව දුම්බර බන්දනාගාරයේ රදවා සිටින සිරකරුවෙක් විසින් ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්. සනත් කුමාරෙ ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක පී.ආර්.වීරසේනගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන කුමාර (11900), කුමාරසිරි (4298), කොස්තාපල් වරුන්වන ගුණවර්ධන (85848), උපුල් (95627), ඉහලගේ (24504), ප්‍රනාන්දු (105073) ,පෙතංගොඩ (23838) සහ කාන්තා දිව්‍යාංජලී (11287) වැටලීමට එක්වූහ.







