අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයග්‍රහණ විරල අපට ඒ හඹා යෑම නම් ආශ්වාදයක්! වාර්තා අලුත් කළ තරගය අතීතයත් මතක් කළා….

by editor
මාර්තු 16, 2024
in පුවත්
වාර්තා අලුත් කළ පැතුම් සහ චරිත්...

වාර්තා අලුත් කළ පැතුම් සහ චරිත්...

Share on FacebookShare on Twitter

බිඳ වැටුණු ඉනිමක් ගොඩනගාගෙන හඹා ගොස් ලබා ගත් ආශ්වාදනීය ජයග්‍රහණය කලෙකට අමතක නොවන බව කිව යුතුව තිබේ.  

ඉතින් අප දිනුම්ය. කඩුළු 03කින් දිනුම්ය. පන්දු 17ක් ඉතිරිව තිබිය දී දිනුම්ය. ජයග්‍රහණය විරල මිනිස්සුන්ට ඊයේ (15)  අපේ කණ්ඩායම ගෙනාවේ මහා ආශ්වාදයකි.

චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ 13 දා අප ලද අත්දැකීම අන්තිම නීරස එකකි. කාසියේ වාසියේ සිටම අප වරද්දා ගත්තේය.  ඒ වැරැද්ද මේ තරගයේ දී නිවැරදි කරගෙන තිබිණි.

කාසියේ වාසිය තරගයේ ඉරණම තීන්දු කරන   බව පෙන්වන තරගාවලියක දි     දෙවැනි තරගයේ   කාසියේ වාසිය දිනා අප  මුලින්ම  පන්දු යැවීම තේරුවේය.  බංගලියන් ජයග්‍රහණය සඳහා අපට ලබා දුන් ඉලක්කය ලකුණු 287කි.  එය කිසිසේත්ම  පහසු ඉලක්කයක් නොවේ.

ශ්‍රී ලංකා ඉනිමේ   දෙවැනි පන්දුවෙදීම අවිශ්ක ගුණවර්ධන   දැවී යන්නේය. ඒ තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබමිනි.  කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුනු 16ක් පමණි. සධීර සමරවික්‍රම 1 ලකුණකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සියලු බිඳවැටීම් හමුවේ සුපුරුදු ලෙස පැතුම් එක් අන්තයක් නිහඬව දරාගෙනය. සිව්වන කඩුල්ල සඳහා චරිත් අසලංක පැමිණෙන්නේ   ලකුණු පුවරුව ලකුණු 43කට කඩුලු 03ක් ලෙස සටහන්ව තිබිය දී ය.

කලකට පසු දුටු මනරම් සබඳතාවයක් ඉන් අනතුරුව චරිත් සහ පැතුම් අතර   ගොඩනැගිනි. එය සිව්වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පිතිකරණයකි. ඔවුහු සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. පැතුම් නිශ්ශංක ලකුනු 114කි.  ඊට වැය කර තිබුණේ පන්දු 113කි.  චරිත් අසලංක ලකුණු 91 කි.

පැතුම් ශතකයක් සමග…

4වන කඩුල්ල සඳහා වැඩිම ඉහළ සම්බන්ධතාවයක් ගොඩනැගූ   දශක තුනකට ආසන්න කාලයක් පැරණි වාර්තාවට හිමිකම්  කීවේ අර්ජුන රණතුංග සහ රොෂාන් මහානාමය. ඔවුන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගූ සම්බන්ධතාවය ලකුණු 171කි.  පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක විසින් බිඳ දමන්නේ ඒ වාර්තාව ය.

බංගලි ඉනිම

කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශ කණඩායම ලකුණු 286ක තියුණු ඉලක්කයක් ලබා  දුන්නේය.

ලකුණු 06 දී ටොවිඩ් හ්‍රිඩෝයි විසින් දිල්ෂාන් මධුශංකගේ පන්දුවකට ලබා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යෑමට ඔහු  උත්තර දුන්නේ   ලකුණු 96ක් නොදැවී ලබා ගැනීමෙනි.     හ්‍රිඩෝයි අවසන් පන්දු ඕවර දෙකේ එල්ල කළ හයේ පහර තුනකි. මුළු ඉනිමටම හයේ පහර 5කි. හතරේ පහර 3කි.  එක්දින තරගයක තාක්ෂණික රිද්මය නියම ලෙස පිටිය තුළ නිර්මාණය කළ හ්‍රිඩෝයි ඉනිමේ අවසන් පන්දුවටත් ලහිරු කුමාරට හයේ පහරක් එල්ල කළේය.

පිටියේ දී  අපට තවත් හානියක් සිද්ධ වුනේය. ඒ පන්දු ඕවර 10 යවා ගැනීමට නොහැකි වූ ආරම්භක පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංක පන්දු ඕවර 6යි පන්දු 4ක් යැවීමෙන් පසු ආබාධයක් නිසා පිටියෙන් ඉවත් විමය. ඒ වනවිට ඔහු මැනවින් පන්දු යවමින් කඩුළු 02ක් දවාගෙන තිබුණේය.

යළිත් සිය විශිෂ්ට පන්දු යැවීම සහිතව වනිඳු හසරංග බගංලි ඉනිම විනාශ කළේය. ඒ ලකුණු 45කට කඩුලු 04ක් දවා ගිනිමිනි.

වනිඳු කඩුළු 04යි…

මෙන්ම ලිටොන් දාස් ලකුණු නොලබා 3 වැනි පන්දුවේ දීම දැවී යන්නේය. අනතුරුව ගොඩනැගෙන සම්බන්ධය කදිමය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් සෞම්‍යා සකාර් සහ නායක නජ්මුල් හොසෙයින් සැන්ටො අතර ලකුණු  75ක සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් තිබිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවකට පා ඉන්න දෙසට පනිමින් කුසල් මෙන්ඩිස් කදිම උඩපන්දුවක් රැක ගන්නේය. නජ්මුල් ඒ වනවිට ලකුණු 40ක් ලබාගෙන සිටියේය.

සෞම්‍යා සකාර් පන්දු 66ක දී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 68කි. ඉනිම මුලුමනින්ම ගොඩනැගෙන්නේ ටොවිඩ් හ්‍රිඩෝයි ගේ පිතිකරණය වටාය. මුලින් කී ලෙස ඔහු ලකුණු 96කි.

ටොවිඩ් හ්‍රිඩෝයි

ජයග්‍රහණයේ හඹා යෑම

චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේ දෙවැනිව පන්දුවට පහර දෙන විට ලබන අත්දැකීම ගැන ගැන පැහැදිලි කියැවීමක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තිබුණේය.  පළමු පන්දු ඕවර 20 තුළ කල්පනාකාරීව පිතිකරණයේ නොයෙදේ නම් අත් වන්නේ ඉන්දියාව ඉදිරියේ ලද අතීත අත්දැකීමය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එය නිවැරදිව කියවා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී යන විට කුසල් මෙන්ඩිස් පන්දු 13කට පමණක් මුහුණ දී හයවැනි ඕවරයේ 1 පන්දුවේ දී කඩුළු රකින්නාට උඩ පන්දුවක් ලබා දී දැවී යනවිට, සධීර පන්දු 4කට මුහුණ දී බැක්වර්ඩ් පොයින්ට් වෙත උඩපන්දුවක් දී එක් ලකුණකට දැවී යනවිට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 43ට කඩුළු 3 කි.  ඒ වනවිට යවා තිබුණේ පන්දු ඕවර හයයි එක් පන්දුවකි.

පින්න පතිත වීමට නියමිතය. බොහෝ විට එය සිදුවන්නේ පන්දු ඕවර 20ක් 25ක් යැවීමෙන් පසුය.  ඒ මොහොතේ තරගය පිතිකරණයට වාසි වීම සිදුවනු ඇත. නමුත් ඒ අවස්ථාව එන තුරු පිටියේ රැඳී සිටීමට අවශ්‍ය පදනම මුල් පෙළ පිතිකරුවන්ගෙන් ලැබී නැත. පැතුම් නිශ්ශංක එක් අන්තයකය. ඔහු සන්සුන්ව අවස්ථාව දරාගෙන සිටියේය.  ඔහු සමග එක්වන චරිත් අසලංක ඉන් අනතුරුව රට බලාපොරොත්තු වූ ක්‍රිකට්  පෙළහර කළේය. ඉවසීමෙන් පිටියේ රැඳෙමින් පන්දු තෝරාගෙන ලකුණු ලබා ගනිමින් ඔවුන් සිදුකළ පිතිකරණය ක්‍රිකට් ක්‍රීඩාවේ ශාස්ත්‍රීය කියැවීමක් බඳුය.

සිව්වන කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී යන්නේ තරගයේ 37 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ය. පැතුම් සහ චරිත් පන්දු ඕවර 30යි පන්දු තුනක් තිස්සේ පිටියේ රැඳෙමින් ලකුණු 185ක් රැස් කළහ.

පැතුම් ගේ පිතිකරණය…

37 වැනි ඕවරයේ 4වන පන්දුවේ දි ඩීප් මිඩ්විකට් කලාපයේ හතරේ සීමාවේ සිට ලිටොන් දාස් රැක ගත් උඩපන්දුවකින් පැතුම් දැවී යන විට ඔහු විශිෂ්ට ශතකයක් රැස් කරගෙන තිබුණේය. පැතුම් පන්දු 113ක දි ලකුණු 114ක් රැස් කරගත්තේය. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය.

ඉන් අනතුරුව චරිත් සිය ශතකය කරා ගමන් කරන තුරු බලා සිටියෙමු. මේ තරම් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ පසු ඔහු ශතකයක හිමිකරුවෙක් විය යුතුව තිබිණි. නමුත් චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යන්නේ පන්දු 93ක දී ලකුණු 91ක් ලබා සිටියදී ය. ඔහු ටස්කිස් අහමඩ්ගේ පන්දුවකට ගොදුරු වුයේය. කඩුළු රකින මුෂ්ෆිකර් රහීම් පහසු උඩපන්දුවක් රැක ගත්තේය. චරිත් දැවී යනවිට මුලු ලකුණු ප්‍රමාණය 235කි.

අනතුරුව ටන්සිම් හසන් සකිබ් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ජනිත් ලියනගේ ලකුණු 09කට දැවී ගියේය. ඒ වනවිට ලකුණු 251කි.  පන්දු ඕවර 41.1.  දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග අතර   තරගය ජයග්‍රහණයෙන් නිමා කරන සම්බන්ධතාවය ඉන් අනතුරුව ගොඩනැගිනි. ලකුණු 285 දී  තරගය අවසන්  කිරීම සඳහා වේගවත් පහරක් එල්ල කිරිමට ගිය වනිඳු හසරංග 46 වැනි ඕවරයේ 5වැනි පන්දුවේ දි ලකුණු 25කට දැවි ගියේය. ඔහු පන්දු 16ක දි හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ලකර තිබිණි.   අවසානයේ දුනිත් වෙල්ලාලගේ  තරගය නිමා කළේය.  ඔහු නොදැවී ලකුණු 15කි.

පන්දු යැවීමේ දී  ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 49ට කඩුළු 02ක්, ටස්කින් අහමඩ් ලකුණු 49ට කඩුළු 2ක් ලැබූහ. දෙදෙනාම යවා තිබුණේ පන්දු ඕවර 9 බැගිනි. ටන්සිම් හසන් සකීබ් පන්දු ඕවර 10ක් යවා ලකුණු 65ට කඩුල්ලක්, මෙහිඩි හසන් මිරාස් පන්දු ඕවර 10ක් යවමින්  ලකුණු 58ට කඩුල්ලක්, ටයිජුල් ඉස්ලාම් පන්දු ඕවර 5ක් යවා ලකුණු 43ට කඩුල්ලක් ලැබූහ.

තරගාවලිය 1-1 ක් ලෙස සම වන්නේය. මේ තරගාවලිය වඩාත් උනුසුම් වෙමින් ඇත්තේය. තරගාවලි ජයග්‍රහණය තීරණය කරන එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (18) ය.

තරගයෙන් යම් ප්‍රමාණයක් කාසියේ වාසිය විසින් තීරණය කරනු ඇත. අප පිළිගත්තත් නැතත් තරගාවලි ජයග්‍රහණයේ කෑල්ලක් වාසනාව පැත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න! ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලයි…

Next Post

පසුගිය දින 10ට කැලෑ 30ක් ගිනි තියලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.