බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයග්‍රහණය සඳහා කළ සැලසුම්වලින් තුනෙන් එකක් ඉවරයි!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අප පරාදය. කොදෙව්වන් ගහපු ගැහිල්ලට ලකුණු පුවරුවේ මොන ලකුණ තිබුණත් මදිය. තරගයේ ජයග්‍රහණය සම්බන්ධව තහවුරු වන අවස්ථාවේ දී ඇතිවන ලිහිල් වීම තුළ කඩුළු බිඳ වැටුනා මිසක් ඇත්තටම ඔවුන්ගේ ක්‍රිකට් විශිෂ්ටය.

සාධාරණව කියනවා නම් කණ්ඩායම් දෙකම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 179ක් ලැබූහ. ඒ ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු 5ක් තිබිය දී ලකුණු 180ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළේය.

විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල කොදෙව්වන් ඉන්නේ තුන්වැනි තැනය. අප ඉන්නේ හත්වැනි තැනය. අප මේ තරගයට එන්නේ අපට වඩා ප්‍රබල කණ්ඩායමක් යැයි ලෝකයට තහවුරු කළ කණ්ඩායමක් සමගය. නමුත් මැච් එක ගහන්නේ අපේ රටේය. අපේ තණතීරුවලය. බිඳ වැටෙමින් සිටිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වයේ රිද්මයට එන්නට මේ තරගාවලිය පාවිච්චි කිරීමේ සැලසුම තරගයට පෙර අපට තිබුණේය. දැන් ඒ සැලසුමෙන් තුනෙන් එකක් ඉවරය.

තරගය

ඊයේ (13) දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරගයට  කාලගුණයෙන් බාධාවක් වුනේ නැත. තරගය ඇදී ගියේය. කාසියේ වාසිය දිනූ කොදෙව්වෝ පන්දු යැවීම තේරූහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කොදෙව් වේගපන්දු යවන්නෝ ආක්‍රමණශීලී ආරම්භයක් ලබා ගත්හ. පැතුම් නිශ්ශංක ලකුණු 11කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 19කි. කුසල් පෙරේරා ලකුණු 06කි.

මේ වනවිට ඕනෑම මාදිලියක තරගයක දී ශ්‍රි ලංකාවේ බලාපොරොත්තුව වී ඇති කමිඳු මෙන්ඩිස් ඉතා විශිෂ්ට අර්ධ ශතකයක් පන්දු 40ක් තුළ ලැබුවේය. ලකුණු 51ක් ලැබු කමිඳු ඊට වැය කළේ පන්දු 40කි. හතරේ පහර 5කි. හයේ පහර 2කි.

නායක චරිත් අසලංක පන්දු 35ක් තුළ දී හතරේ පහර 09ක් සහිතව ලකුණු 59ක් ලැබුවේය.

එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමග භානුක රාජපක්ෂ පන්දු 11 දී ලකුණු 17ක් ලැබුවේය. පන්දු ඕවර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 179කට සීමා විය.
කඩුළු 07ක් දැවී ගොස් තිබිණි.

එය ඉතාම හොඳ ලකුණු ප්‍රමාණයකි. තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයකි. එහෙත් සිදුවන්නේ අමුතුම සිද්ධියකි. බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන්වන බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලිවිස් අපට වඩාගෙන ගැහුවේය.

කිං පන්දු 33කට ලකුණු 63කි. හතරේ පහර 11කි. එක් හයේ පහරකි. එවින් ලෙවිස් පන්දු 28ක දී ලකුණු 50කි. හතරේ පහර 5කි. හයේ පහර 4කි.

චරිත් අසලංකගේ අමුතු පන්දු යැවීමේ සැලසුම පට්ට පදුරු වී කුඩු වී ගියේය. පවර් ප්ලේ පන්දු ඕවර 6 නිමා වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් කිසිවෙක් නොදැවි ලකුණු 74කි. ඔවුන් ලකුණු 50 පසුකරන්නේ පන්දු ඕවර 4යි පන්දු 4කිනි. පන්දු ඕවර 8යි පන්දු 1ක් යවා නිම වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 100 ලබාගෙනය.

ඔවුන්ගේ ආරම්භක කඩුල්ල සඳහා වූ සම්බන්ධතාවය ලකුණු 107කි. ඒ පන්දු ඕවර 9.1ක් තුළය. එවැනි තැනකට ඔසවා තැබූ විට පන්දු ඕවර 11කින් ලකුණු 70ක් ලබා ගැනීම සරලම ඉලක්කයකි.

සමස්ථයක් ලෙස අපේ පන්දු යැවීම මෙන්ම අප හැදූ සැලසුමත් ෆේල් ය.

මහීෂ් තීක්ෂණ පසෙක තබා පවර් ප්ලේ එකට ගෙනා චරිත් ගෙන්වූ චමිදු වික්‍රමසිංහ පන්දු ඕවර 2ට ලකුණු 27ක් කෑවේය. හසිත ප්‍රනාන්දුත් අද අසාර්ථකය. අසිත පන්දු ඕවර 4 තුළ ලකුණු 37කි. කඩුළු නැත. වනිඳු හසරංග ලකුනු 38ක් ලබා දුන්නේය. එක් කඩුල්ලක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ ලකුණු 27කට කඩුළු 2ක් ලැබුවේය. කමිඳු පන්දු ඕවර 2ක් යවා කඩුල්ලක් ද ලබා ගත්තේ. ලකුණු 14ක් ලබා දුන්නේය.

තරගයේ වීරයා බ්‍රෙන්ඩන් කිං ය. ඇත්තටම ඔහු අද වීරයෙකුගේ භූමිකාවට පණ දුන්නේය. ඒ පිතිකරණය එතරම් මනරම්ය. චරිත් අසලංක තරගයෙන් පසු කීවේ පන්දු යැවීමේ දුර්වලතා නොව ඉතා හොඳ පහරවල් ඔවුන්ව මේ තැනට ඔසවා තැබූ බවය. පූර්ණ ගෞරවය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට බව චරිත් කීවේය.

දැන් අප තේරුම් ගත යුතුව තිබේ. අප හමුවට ඇවිත් තියෙන්නේ අයෝමය බාහු බලයක් සහිත නමුත් ඉතාම හික්මුණ තියුණු සටන් කරුවන් පිරිසකි. වනිඳුට කියන්නට ඇත්තේ වැඩේ හරියට නොකර කන් පාත් වෙනකම් හොඳටම ගුටි කා ගැට්ටෙන් ලබා ගත් කඩුල්ලක් වෙනුවෙන් උන් ඉදිරිපිට ළාමක කැටයම් කපා වැඩක් නැති බවය. එතකොට බලන් ඉන්න අපටත් ලැජ්ජා හිතෙන්නේය.

කෙසේ වෙතත් සැලසුම් අලුත් කරන් අලුත් විදිහටකට වැඩේ ආරම්භ කිරීමට තවම කල් තිබේ. අප ක්‍රීඩා ලෝලීන් ලෙස එතෙක් ඉවසීමෙන් යුතුව බලාසිටින බව කිව යුතුව ඇත.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ ඉදිරි දින දෙක තුළදීත් ගංවතුර තත්ත්වය වර්ධනය වන ලකුණු!

Next Post

ගංවතුරෙන් පීඩාවට පත් වූවන් එක් ලක්ෂ තිස් දහස පනී… අවතැන් කඳවුරු 81ක පුද්ගලයින් 7000ක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.