කාර්මික ශිල්පියෙකු ලෙස ජපානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි හතළිස් හය හැවිරිදි ශ්‍රී ලාංකික දෙදරු පියෙකු පසුගිය 05 වැනි දින උල් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්ම සිදුකර තිබෙන බව දැන ගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් මහනුවර වෙළම්බෝඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගෙන තිබේ. ඔහු සහ මියගිය පුද්ගලයා එකම කාමරයේ නවාතැන් ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මෙයට තෙවසරකට පෙර ජපානයේ රැකියාවක් සඳහා ගිය පාතහේවාහැට දමුණුගොල්ලේ පදිංචි උපුල් රෝහණ ධර්මදාස නැමැති අයෙකි
අකුරණ ප්‍රදේශයේ සමාගමක කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කර තිබෙන මියිගිය පුද්ගලයා ජපානයේ ඇති ඔවුන්ගේ ආයතනයක රැකියාව සඳහා යොමු කරනු ලැබුවේ අදාළ සමාගම විසින්ම බව උපුල් රෝහණ ධර්මදාසගේ පවුලේ ඥාතිහූ පවසති.
මියගිය පුද්ගලයා වසර තුනක සේවා කාලය සම්පූර්ණ කර ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිතව සිට ඇත.
උපුල් රෝහණ ධර්මදාස ඝානතයට ලක්ව තිබෙන බව ඔහුගේ ඥාතීන්ට දැනුම් දෙනු ලැබ ඇත්තේ ඔහු ජපානයට යැවූ සමාගමේ නියෝජිත පිරිසක් විසිනි.








