ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වෙලාවකට පෙර මාලදිවයිනේන් පිටත් ව ගොස් ඇති බව එරට වාර්තා සදහන් කරයි. සෞදි ගුවන් සේවයට අයත් යානයකින් ඔහු සිංගප්පූරුව බලා ගොස් ඇති අතර ඔහුට වෙලෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන තෙක් එරට රජයෙන් විශේෂ ආරක්ෂාවක් සලසා ඇත.
මාලදිවයිනේ පිහිටි වොල්ඩොෆ් ඇස්ටොරියා( Waldorf Astoria) නම් හෝටලපයේ සිට රාජපක්ෂ ජනාධිපතිවරයාත් අයෝමා රාජපක්ෂ සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ගුවන් තොටුපලට පැමිණ ඇති අතර ඔවුන් සිංගප්පූරුව බලා පිටත්ව ඇත.
මාලදිවයින් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිංගප්පූරු රජය ඔහුට සම්පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවයි.
සෞදි ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානයේ ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් සවුදි අරාබි ජෙඩා නගරයෙන් නිකුත් කර ඇති බවද වාර්තා වේ.