සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති මන්දිරය ඇතුළු ගොඩනැඟිලි කිහිපයක් කෝට්ටේ වෙත ගෙන යන්න හදයි

ජනාධිපති රනිල්ගෙන් උපදෙස්

by Lanka Sara Editor
ජූනි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මන්දිරය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමටත්, තිබෙන ගොඩනැඟිලි, සමහර විටෙක සංචාරක ආකර්ෂණයක් ලෙස පමණක් විවෘතව තැබීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර පවසයි.

‘සන්ඩේ ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ මේ වන විට පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක තැබීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයෙන් විකල්ප ඉඩමක් සොයමින් සිටින බවයි.

ස්ථානය හඳුනා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාට වාර්තා කොට ගොඩනැඟිලි අදියරෙන් අදියර එම ස්ථානයට මාරු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඔහු සඳහන් කරයි.

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයත්, ෆ්ලවර් රෝඩ්’ හි පිහිටා තිබෙන අග්‍රාමාත්‍ය කාර්යාලයත් ‘කොළඹ උරුම නගර සැලැස්ම’ යටතේ සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස ආරක්ෂා කිරීමටත් බොහෝ දුරට කටයුතු යෙදීමට ඉඩ තිබෙන බව ද බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා තිබිණි.

මෙම නගර සැලැස්ම යටතේ කොළඹ නගරයේ තවත් ගොඩනැඟිලි පෙළක් ආයෝජකයන්ට බදු දීමට ද නියමිතය. අයෝජකයන්ට බුටික් හෝටල් නිර්මාණය කිරීම සඳහා මෙම ගොඩනැඟිලි ලබා දීමට නියමති අතර ගොඩනැඟිලිවලට මුල් අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් එම කටයුතු කිරීමට කොන්දේසි යොදා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව මහා තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, විසුම්පාය, ශ්‍රාවස්ති (හිටපු මන්ත්‍රී නේවාසිකාගාරය), ගෆූර් ගොඩනැගිල්ල, ජාවත්ත පාරේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, වැලිකඩ බන්ධනාගාර සහ පැරණි ආරක්ෂක ගාලු මුවදොර පිහිටි අමාත්‍යාංශ ගොඩනැගිල්ල බදු දීමට හඳුනාගෙන ඇත.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ බදු සහන කොන්දේසි සහිතව වසර 30කට වැඩි කාලයක් එම ගොඩනැගිලි බදු දීමට බලාපොරොත්තු වන බවයි.

හෙරිටේජ් සිටි සැලැස්ම යටතේ ගෆූර් ගොඩනැගිල්ල සහ පෝට් සිටි අතර ජනතාවට එම මාර්ගයෙන් ප්‍රයෝජන ගත හැකි ආරක්ෂිත කොරිඩෝවක් ඇති කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදයන් සහ ගැටලු මඟහරවා ගැනීම සඳහා සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කර ආයෝජකයන්ට භාර දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සන්ඩේ ටයිම්ස් වෙත පැවසුවේ අනාගත ආයෝජකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන් අතර ජෝර්ජියාවේ ආයෝජකයන් සිටින බවයි. පැරැණි ගොඩනැඟිලිවල අනන්‍යතාව ආරක්‍ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්මීමන පොලිස් වෙඩි පහරකින් තරුණයකුට බරපතළයි

Next Post

නිදහස් වූ රජිව් ගාන්ධි නඩුවේ වරදකරුට යළි ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බව කියයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.