ජනධිපති ලේකම් කාර්යාලය තුළ සහ ඒ අවට රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට ත්‍රවිධ හමුදාවේ සහය ඇතිව පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කළ බවත් මෙහෙයුමේ දී සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙම සැකකරුවන් දෙදෙනෙක් සුළු තුවාල සහිතව රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
කැළණිය, ඇඹිලිපිටිය, ජා ඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දූව, නුගේගොඩ, පදිංචි වයස අවුරුදු 26 -58 අතර වූ මෙම සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.
කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොටුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍ය තාවය අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි සඳහා නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිසිය කියයි.
එම නිවේදනය පහත දැක්වේ….