අද අලුයම් කාලයේදී ගාලු මුවදොර අසල අරගල භූමියට හමුදා සාමාජිකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් තුවාල ලද විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් රැගෙන යාමට කැඳවූ ගිලන් රථවලට අදාළ ස්ථානවලට ළඟා වීම ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයන් විසින් වළක්වනු ලැබ ඇති අතර එම ගිලන් රථවලට ඇතුළු වීමට ඉඩ ලබා දී ඇත්තේ විදේශ තානාපති කාර්යාල කිහිපයක් රටේ ප්‍රබලම ස්ථානයකට ඇමතීමෙන් පසුව බව අනාවරණය වෙයි.
එම ගිලන් රථ අරගල බිම දෙසට පැමණෙන සියලු ප්‍රවේශ මාර්ග ඔවුන් විසින් අවහිර කර ඇති අතර තුවාලකරුවන් ගෙන යාමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමද එම ස්ථාන භාරව සිටි හමුදා ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මේ පිළිබඳව මැදිහත් වන ලෙස විරෝධතා කණ්ඩායම් සමාජ ජාල හරහා ඉල්ලීම් කර ඇත. මේ වනවිටත් මේ පිළිබඳව සමාජ ජාලවල ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන සජීවීව නරඹමින් සිට ඇති යුරෝපීය තානාපති කාර්යාල කිහිපයක් මෙම අමානුෂික ප්‍රහාර නවත්වන ලෙස සහ තුවාලකරුවන් රැගෙන යාමට ගිලන් රථවලට ප්‍රවේශ වීමට ඉඩක් ලබා දෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඒ මොහාතේම ඉල්ලීමක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට ප්‍රකාශ කළේය.
එම දැනුම් දීමෙන් පසු ගිලන් රථවලට ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.