ජනාධිපති කාර්යාල නිලධාරීන්ගේ පරිහරණයට ගෙන්වූ බව කියන ටොයොටා ප්‍රියස් වර්ගයේ හයිබ්‍රිඩ් කාර් රථයක් ආගිය අතක් නැති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ වී තිබේ. මෙම වාහනය 2013 වසරේදී ගෙන්වා ඇති අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය තීරු බදු වශයෙන් රුපියල් ලක්ෂ 18ක් ගෙවා ඇති බවට රේගු වාර්තා සනාථ කර තිබේ. එහෙත් මෙම වාහනය සම්බන්දයෙන් කිසිදු ලිපි ගොනුවක් දැනට ජනාදිපති කාර්යාලයේ නොපවතින බව සඳහන් වන අතර ජනාධිපති කාර්යාල වාහන සංචිතයේද එම මෝටර් රථය දැනට නොමැති බව සඳහන් වේ.
අඩුම වශයෙන් එම වාහනය කුමක්ද පරිහරණය කරන්නේ කවුද යන්න පවා අනාවරණය වී නැතති අතර කෙසේ වුවද මෝටර් රථය ජනාධිපති කාර්යාලයේ අවශ්‍යතාවක් ලෙසට ගෙන්වා ඇති බව රේගු වාර්තාවල සඳහන් වන බව කියවේ. මෙම වාහනය සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපති කාර්යාලය කිසිදු විමර්ශණයක් හෝ සොයා බැලීමක් ද සිදු කර නැති බැවින් එය ජනාධිපති කාර්යාලයේ මුවාවෙන් වෙනත් තුන්වැනි පාර්ශ්වයක් වෙත ගියේද යන්න පළබඳව මේ වන විට සැකයක් මතුව ඇත. මේ වනවිට ජනාධිපති කාර්යාලය එම වාහනය සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.







