ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ ‘විරෝධය කොළඹට’ ජන රැලියට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔවුන් සුලු තුවාල ලබා ඇති අතර කිසිවකුගේ තත්වය බරපතල නොවන බව සඳහන් වේ. .
මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව පැවැති මෙම විරෝධතා පාගමන ගමන් ගන්නා සෑම මාර්ගයක්ම වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබ්‍රනු විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙස සිට පාගමනින් පුරහල දෙසට ගමන් කිරීමත් සමග ඉබ්පොබන්ලීවල හන්දියේදී ය ඔවුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. මේ හේතුවෙන් විරෝධතාකරුවන්ට විවිධ අපහසුතා මතුවුණි.






