ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනිද්දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී ය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථාව විධිමත් ආකාරයෙන් සම්මත වී නැති බවය.
එම සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් ලබා දී තිබුණ ද එය ජනමත විචාරණයකින් තවමත් අනුමත වී නොමැති බව පෙත්සමින් පෙන්වා දී තිබිනි.
පෙත්සම් කරු ඉල්ලා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජන මත විචාරණයකින් සම්මතවන තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දෙන ලෙසය.
මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වග උත්තර කරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
ජනමත විචාරණයකින් සම්මත වී ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස පිළිගෙන කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බව පෙත්සම් කරු කියා සිටියේය.









