මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තවමත් විශාල විරෝධතා රැළි සදහා දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා එරට හමුදා පාලකයින් මේ වනවිට රටේ අන්තර්ජාලය මුළුමනින්ම අවහිර තිබේ.
අන්තර්ජාල සම්බන්ධතාවය සාමාන්‍ය මට්ටම්වලින් 16% දක්වා පහත වැටීමත් සමඟ සම්පුර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් ක්‍රියාත්මක වන බව නෙට් බ්ලොක් අන්තර්ජාල නිරීක්ෂණාගාරය පවසයි.
මියන්මාරයේ ප්‍රධාන නගරය වන යාන්ගොන්හි ජනයා “හමුදා ඒකාධිපතියා භංගවේවා භංගවේවා, ප්රජාතන්ත්රවාදයට, ජයවේවා ජයවේවා” යනුවෙන් මොරදෙමින් විරෝධතා පවත්වති.
කැරලි මර්දන පොලිස් කණ්ඩායම් නගර මධ්‍යයට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කර තිබේ.
විරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය මුළුමනින්ම අවහිර කර දැමීය. මීට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.
අතථ්‍ය පෞද්ගලික ජාල (වීපීඑන්) භාවිතා කරමින් බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය සඳහා ඇති සීමාවන් මග හැර ඇති නමුත් වඩාත් පනවා ඇති අවහිරතා නිසා අන්තර්ජාල පරිහරණ මට්ටම මුළුමනින්ම පාහේ කඩාකප්පල් කර ඇත.
අද උදෑසන විරෝධතාකරුවන් කර්මාන්තශාලා සේවකයින් සහ තරුණ සිසුන් ද ඇතුළුව තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී ඇතුළු හමුදාව විසින් රඳවාගෙන සිටින අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.
නගරයැ බස් රථ සහය දක්වමින් සිය නලා ශබ්ද කරද්දී විරෝධතාකරුවන් පා ගමනින් යැන්ගොන්හි වීදි ඔස්සේ ගමන් කළහ.
විරෝධතාකරුවන් ඇඟිලි තුනේ හන්ගර් ගේම්ස් ආචාරය පුද කළ අතර එය මියන්මාරය තුළ දැන් ඒකාධිපතිවාදයට එරෙහි වීමේ සංකේතයක් බවට පත්ව ඇති බව පෙනේ. නිවැසියන් අත්පුඩි ගසමින් නිවසේ භාජන ආදිය දොරකඩට විත් ශබ්ද කරමින් විරෝධතාවට සහය දක්වති.
අවුන් සාන් සූ කීගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂයට සහය දැක්වීම සඳහා බොහෝ නිවාසවල ජනේලවල රතු ස්ටිකර් ප්‍රදර්ශනය කර ඇති බව බීබීසීයේ බුරුම කර්තෘ සෝ වින් තෑන් වාර්තා කර ඇත.