ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 350 ඉක්මවා ගියේය. ඒ අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 08ත් සමගිනි. ඒ අනුව අද දින වනවිට කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ ගණන 351කි.
අද (06) වාර්තා කළ මරණ 08 ලෙස කොච්චිකඩේ ප්‍රදේශයේ 77 හැවිරිදි පුද්ගලයෙක්, කඩවත ප්‍රදේශයේ 73 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුව ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙක්, කැළණිය ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 85 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 82 හැවිරිදි පුද්ගලයෙක්, මහරගම ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, මුන්දලම ප්‍රදේශයේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය ගියහ.
එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 726ක් වාර්තා විය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 64575ක් බව රජය නිවේදනය කළේය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ සියළුම නිවේදන පහත දැක්වේ.