දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දිනයදා වවුනියාවේ විරෝධතා පැවැත්වූ පිරිස්වලට අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත කරුණු දැක්වීම සඳහා පෙබරවාරී මස 15 වෙනිදා වවුනියාව අධිකරණයට පැමිණෙන ලෙසට සිතාසි ලැබී තිබේ.
විශාල පිරිසක් ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් කලු කොඩි දමා කලු ඇඳුම් ඇදගෙන විරෝධතා දක්වන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිසිය එම සියලුම විරෝධතා අත් හිටුවමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
විරෝධතාකරුවන් වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරි පිටට එකතු වී විශාල උද්ඝෝෂණයක් කළ අතර එම ස්ථානය පිහිටියේ වවුනියාව පොලීසියට මීටර් 100ක් පමණ හා අධිකරණයට මීටර් 300ක් පමණ දුරිනි.
පසුව පොලීසිය මෙම විරෝධතාවය පිළිබඳව අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙබරවාරී මස 15 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි එවා තිබේ.