සම්භාවනාවට පත් චිත්‍රපට නළුවකු වූ දර්ශන ධර්මරාජ් දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව සහෘද රසවතුන් වෙත දන්වා සිටිමු.
41 වැනි වියේ පසුවූ ධර්මරාජ් අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ද ඉනි අවන් චිත්‍රපටයේ රඟ පෑ ප්‍රභාකරන්ගේ චරිතයට දක්ෂතම නළුවා ලෙස දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙළේදී සහ හිරු සම්මාන උළෙලේදී සම්මාන හිමි කර සම්මානිත නළුවෙකි.
ඔහු චිත්‍රපට ගණනාවක සහ ටෙලි නාට්‍ය ගණනාවකට විශිෂ්ට රංගන දායකත්වයක් එක් කළේය.
රක්වානේ ඉපද රක්වාන ශාන්ත ජොන් දමිළ විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලද ඔහු මුලින්ම කලා ක්ෂේත්‍රයට පය තබන්නේ සිඩ්නි චන්දුසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද A 09 ටෙලි නාට්‍යෙයනි.
“ප්‍රභාකරන්” චිත්‍රපටයේ ත්‍රස්ත නායකයා ලෙස රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වූ දර්ශන් ධර්මරාජ් ඉන්පසු උබෙර්තෝ පැසලෝනීගේ “මචං” හි සුරේෂ්, බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” හි ත්‍රස්ත සෙබලෙක්, “ඉනි අවන්” හි අවන්, බූඩී කීර්තිසේනගේ “මාතා” හි යෝගා, ජැක්සන් ඇන්තනීගේ “ඇඩ්‍රස් නෑ” හි ගුබ්බෑයමේ ගෝරින්, සුනෙත් මාලිංග ලොකුහේවාගේ “ස්පන්ධන” හි දර්ශන්, චත්‍ර වීරමන්ගේ “ආලෝකෝ උදපාදී” හි දමිල රජු, හර්ෂ උඩකන්දගේ “උලත් එකයි පිලත් එකයි” හි කරාපිටියේ දර්ශන්, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” හි ගව ඝාතකයා, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ “සුපර්ණා” හි AVO 433 නැමැති භීම ග්‍රහලෝක ජීවියා සහ බී. සිරිතුංග පෙරේරාගේ “පෝරිසාදයා” හි කළු මහත්තයා වැනි චරිතාවලියකින් සිංහල සිනමාව පෝෂණය කළේය.
කලා ක්ෂේත්‍රටය පිවිසීමේ සිහිනය සඳහා අතිශය දුෂ්කර දිරිමත් ගමනක යෙදෙමින් අසීමිත ජීවිත කැපකිරීම් කර දිනාගත් විශිෂ්ටත්වය කෙටි ජීවිත කාලය තුළ සදාකාලික මතකයක් ලෙස ඉතිරිකර තබා ඔහු නික්ම ගොස්ය.
ඔහු ගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.