සමාජ මාධ්‍ය හරහා ඩිරාම් 12,000 කට ළදරුවෙක් අලෙවි කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් මිනිස් ජාවාරම පිළිබඳ වරදකරුවන් කර වසර තුනක සිර දඬුවමක් සහ ඩිරාම් 40000ක දඩයක් නියම කිරීමට ඩුබායි අධිකරණය ඉකුත් සතියේ දී නියෝග කර ඇත.
35 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක් මුදල් අවශ්‍යවක් සඳහා සිය අලුත උපන් බිළිඳා විකිණීමට කළ උත්සාහයේ දී ගැනුම් කරුවෙක් සොයා දිම සඳහා මෙම 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් මැදිහත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මාස 2ක් වයසැති බිළිඳා විකිණීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් මත ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
එම දැන්වීම පළ කර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව විසින් බව විමර්ශනවල දී අනාවරණය විය.
පසුගිය සතියේ ඩුබායි අධිකරණයේ පැවති නඩු විභාගයේදී ඔවුන් තිදෙනාම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් කර එක් සැකකරුවෙකුට වසර තුනක සිරදඬුවමක් සහ ඩිරාම් 4000ක දඩයක් ඩුබායි අධිකරණය විසින් නියම කර තිබේ.