“දළදා පෙරහරේ නැටුවත් නීතිය නැමුවත් ජනාධිපතිට පොලිස්පති ඉවත් කරගන්න බෑ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තුවේ විසිවැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව විවාදයට එක්වෙමින් පැවසීය.
අගමැතිවරයා පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමට අදටත් ජනාධිපතිවරයාට හැකියාවක් නොමැත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා බවයි.
දහනමවැනි සංශෝධනය යටතේ ගෙන ආ පොලිස් කොමිසම වගකියන්නේ කාටද යන්න පිළිබඳ ප්‍රශ්නය පවතින බව අගමැතිවරයා වැඩිදුරටත් එහි කියා සිටියේය.