කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවලින් තවත් ආසාදිතයන් 46 දෙනෙක් වාර්තා වූ බව අද ( 21) ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ අනුව කටුනාය නිදහස් වෙළෙඳ කලාප භූමියෙන් මෙතෙක් හමුවූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව314ක් බවට පත්වුනේය.
මේ වනවිට වෙළෙඳ කලාපයේ සියලුම කම්හල්වල සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කම්හල් පාලන අධිකාරින් වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම කම්හල්වල සේවකයන් අවම ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් වෙළෙඳ කලාපය තුළ අනුගමනය කර ඇත. 45000කට අධික සේවක කාර්ය මණ්ඩලයක් සහිත කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ අත්‍යවශ්‍ය පිරිස පමණක් හඳුනාගෙන දැනට සේවයට කැඳවමින් ඇත්තේ සියයට 10ක සේවක පිරිසක් පමණි.