යූ ටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමන පනතට සමාන නීතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊීයේ (06) පවසා ඇත.
ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ විකාශන මාධ්‍ය සම්බන්ධයෙන් නීති පවතින නමුත් සමාජ මාධ්‍යවලට අදාළ නීති එහි අඩංගු නොවන බව ජනාධිපති වික්‍රමසිංහ ම පෙන්වා දුන් බව අද දෙරණ වාර්තා කර ඇත.
ඒ අනුව සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමන පනතේ පිටපතක් තමා වෙත ලැබී ඇති බවත් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට ගැළපෙන නීති ඇතුළත් එවැනිම පනත් කෙටුම්පතක් බලාත්මක කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ විවිධ මාධ්‍ය වේදිකා ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීය.







