ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නෝර්වේ හිටපු දේශගුණික හා පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් තමන්ගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයා ලෙස පත් කර තිබේ.
සඳුදා (10) ශ්‍රී ලංකාවට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තනතුරු පිරිනමා ඇත.
ෙරැස්වීම පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන සෝල්හයිම් කීවේ මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ් සමඟ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස තමන් පත් කර ඇති බවයි.
Good meeting with Ranil Wickremesinghe, Sri Lankan 🇱🇰 President. The President has a great vision for green economic revocery and for Sri Lankan climate leadership!
Proud to be appointed his International Climate Adviser together with @MohamedNasheed @RW_UNP @SriLankaTweet pic.twitter.com/1UnhQOCA4j
— Erik Solheim (@ErikSolheim) October 12, 2022
හරිත ආර්ථිකයක් සහ ශ්‍රී ලංකාවේ නායකත්වය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශිෂ්ට දැක්මක් ඇති බව එරික් සෝල්හයිම් වැඩිදුරටත් පැවසීය.
රටේ සිවිල් යුද්ධය පැවති සමයේ දී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු වකවානුවේත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේත් සෝල්හයිම් රජය සහ එල්ටීටීඊය අතර මැදිහත්කරු ලෙස කටයුතු කළේය.