ඉකුත් 06 වැනි දා මිනුවන්ගොඩ පොලිස් වසමේ ගමන්ගෙදර ප්‍රදේශයේ දී ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළ ප්‍රධාන ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතා ඇත.
පොලිසිය දක්වා ඇති පරිදි සැකකරුගේ නම ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල්ය.
වයස අවුරුදු අවුරුදු 39 කි.
ජාතික හැඳුනුම්පත් අංකය : 833214292V
ලිපිනය : අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
සැකකරු මේ වනවිට ප්‍රදේශය අත්හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම්, පහත අංකවලට දැනුම්වත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ : 071 85 91 608
සහකාර පොලිස් අධිකාරී ගම්පහ : 071 85 91 610
පොලිස් ස්ථානාධිපති මිනුවන්ගොඩ : 071 85 91 612