වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී ඇත.
රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබිණි. එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ