ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට (22) කැඳවා තිබේ.
ඊට සහභාගී වීම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අනිවාර්ය කර තිබේ.
ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහමන්දිරයේ පැවැත්වෙන මෙම රැස්වීමට මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන්, විදුලිබල මණ්ඩලය හා ඛණිජතෙල් සංස්ථාවේ ප්‍රධානීන් ද කැඳවා ඇතැයි රජයේ ඉහළ ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
රටේ පවතින ඉන්ධන, ගෑස්, කිරිපිටි, ඖෂධ සිමෙන්ති ආදී භාණඩ හිඟය සහ උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය මුල් කරගෙන මේ විශේෂ රැස්වීම කැඳවා ඇත.
එම සාකච්ඡාවේ දි පවතින ගැටලු සම්බන්ධව තීන්දු ගණනාවකට එළඹීමට නියමිත බව එම ආරංචි මාර්ය කීවේය.