චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.








