ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (12) රාත්‍රියේ රජයේ ඉහළ නිලධාරියෙක් මාර්ගයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමුකර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම අද (13) පෙරවරුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ පණිවිඩය කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටී.
මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමට විරෝධය පලකරමින් ජාතික ජන බලවේගය, අරගලයේ නියුතු වූවන්, සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමුවීමට සැලසුම් කර සිටී.
මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ නම් කොළඹ නගරයේ ප්‍රදේශ කීපයක විරෝධතා පැවැත්වෙනු ඇත.







