කිර්ති ප්‍රනාන්දු –
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) දින අලුයම රටින් පිට වී ගියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ ගුවන් යානයකින් අද (13 ) දින අලුයම 01.45 ට පමණ ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
යානය කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වී ගිය බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කළේය.
ජනාධිපතිවරයා , ඔහුගේ බිරි අයෝමා රාජපක්ෂ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ .
ජනාධිපතිවරයා මාලදිවයනට ගොඩ බැස්ස ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ පලවෙමින් ඇත.