සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ගමන් බිමන් සඳහා අවශ්‍යනම් හෙළිකොප්ටරයක් පාවිච්චි කිරීමේ වරදක් මට නම් පේන්නේ නෑ… ලාල් කාන්ත කියයි!

by editor
ජූලි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ආරක්ෂාව සහ කාර්ය බහුලත්වය පිළිබඳව ඇස්තමේන්තුකර අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් ගමන් ගත්ත ද එහි වරදක් තමන් නොදකින බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පැවසුවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ නව මාධ්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් මෙසේ කී ඇමතිවරයා පෙන්වා දුන්නේ හදිසි අවස්ථාවක් මතුවී බැරිවෙලා හෝ ජනාධිපතිවරයා හෙළිකොප්ටරයක ගමන් කළහොත් මේ රටේ මාධ්‍ය හා යූ ටියුබ් කරුවන් නටන නැටුම බලාගන්නට හැකි වෙනු ඇති බව ද කීවේය.

එහි දී ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

අධිවේගී මාර්ගයේ ජනාධිපතිතුමා ගමන් ගන්නා වාහනයට පිටුපසින් තව වාහන කීපයක්ම ගමන් කරන දර්ශනයක් පසුගියදා මම දැක්කා. ඒක බලලා සමහරු පරණ ක්‍රමයම තමයි මිනිස්සු විතරයි වෙනස් වුණේ කියලා කියනවා. ජනාධිපතිතුමා කොහේ හරි යනවා නම් අනිවාර්යයෙන්ම එතුමා එක්ක යායුතු ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා.

මේ යන අය ගැනත් විවේචන එල්ල කරනවා නම් ඒවා මෝඩ මත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පිටින් බලනකොට පෙනෙන එක නෙවෙයි ඇත්ත. ඒවා කාටවත් ඕන ඕන විදිහට වෙනස් කළ නොහැකියි. ජනාධිපතිතුමාට ආරක්ෂාව අවශ්‍යය යි. ජනාධිපතිතුමා මුල් කාලෙ ගමන් යනකොට ආරක්ෂාව මදි කියලා ඔය අයම විවේචනය කළා. ආරක්ෂාව හොඳටම මදි දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි කියලා ඒ අය කිව්වා. මගේ මතයත් ඒකම තමයි. ජනාධිපතිතුමාට අනිවාර්යයෙන්ම විශේෂ ආරක්ෂාවක් අවශ්‍යය යි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මගේ මතය නම් ජනාධිපතිතුමාට අවශ්‍ය ගමන් බිමන් යන්න හෙලිකොප්ටරයක් දෙන්න ඕනේ කියන එකයි. ඒකට අනුර සහෝදරයා කැමති නැහැ. මොකක් හරි අවශ්‍යතාවක් පැනනැගිලා ජනාධිපතිතුමා හෙළිකොප්ටරයක ගමනක් ගියොත් එදාට බලාගන්න පුළුවන් මේ රටේ මාධ්‍යය යි, යූ ටියුබ් චැනලුයි හැසිරෙන විදිය. ඒක බලන්න ඉතින් තාමත් එතුමා එහෙම ගමනක් ගියේ නැහැ. එක දවසේ වැඩ 10 කට 15 කට යන්න වුණොත් හෙලිකොප්ටරයක් පාවිච්චි කරන්න වෙනවා. විවේචනය කරනවාට වඩා ඒ පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි.

ඕන දේයි එපා දේයි විවේචනය කර කර ඉන්නවට වඩා ඒ දෙද විද්‍යාත්මකව වගේම තර්කානුකූල පදනමකින් බැලිය යුතුයි.

අපි හැමෝටම පොඩි පොඩි වෙනස් කම් වලට යන්න වෙනවා. පසුගියදා මම එක මිටට ගොවි බිමට වැඩසටහ යටතේ වාරි පද්ධති නිරීක්ෂණය කරන්න ගියා. මම ගියේ සුපුරුදු පරිදි මගේ කැබ් එකේ. රියදුරු සහෝදරයත් එක්ක. බලනකොට මගේ පස්සේ වාහන 15 ක් විතර පෝලිමට එනවා. දිස්ත්‍රික් ලේකම් එකක, ප්‍රාදේශීය ලේකම් තවත් එකක, නිලධාරින් එක එක වාහනවල, පොලිසිය තවත් එකක . මේවා දකින මිනිස්සු කියනවා පරණ ක්‍රමයම තමයි කියලා.

මේ නිලධාරීන් එක එක තැන්වල ඉඳලා තමයි එන්නේ. හැමෝටම එකම වාහනේ එන්න විදිහක් නැහැ. නමුත් අපි මේවා සාකච්ඡා කරලා වියදම් අඩු ක්‍රමයක් බලන්න ඕනේ. මම මගේ පුද්ගලික ලේකම්ට කිව්වා මේ අයට මගේ පස්සෙන්ම එන්න එපා. මම අදාළ ස්ථානයට ඇවිත් විනාඩි 10 ට විතර පස්සේ එතනට එන්න කියලා. මම එහෙම කිව්වට ඒ අය මගේ පස්සෙන් පෝලිමේ එනවා. ඉතින් ජනතාව විවේචනය කරනවා.

මේවා අපිට නවත්වන්න බැහැ. විවේචනය කළාට ප්‍රශ්නයකුත් නැහැ. නමුත් අපි ආවේ වෙනසක් කරන්නයි. ඒ දේශපාලන සංස්කෘතිය දැන් අපි වෙනස් කරමින් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් පවා ඒ ආකාරයට හැඩ ගැසිය යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැබෑ එන්ජින් ධාරිතාව සඟවා බදු වංචාවක් කරන්න හදලා… BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් වරායේ රඳවාගෙන!

Next Post

යටිනුවර ප්‍රා. සභාවේ විපක්ෂ නායක චම්පික ඇතුළු පවුලම මිය ගිහින්

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.